IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට:

ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවමාර් ගඩාෆිට පක්ෂපාතී සටන්කාමීන් කණ්ඩායමක් සහ ලිබියා රජයේ හමුදා සෙබළුන් පිරිසක් අතර ඊයේ (18) හටගත් දරුණු අවි ගැටුමකින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 75 දෙනෙක් තුවාල ලැබූහ. ගැටුම හට ගත්තේ ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර සිට කිලෝ මීටර් 170 ක් ඈතින් පිහිටි බානි වලීඞ් නගරයේය. බානි වලීඞ් නගරය ගඩාෆිගේ අවසන් බලකොටුව ලෙස ද සැළකෙයි. ගැටුම හටගත්තේ ගඩාෆි ඝාතනය වී වසරක් ගත වීමට ආසන්න වෙද්දීය. ලිබියා කැරැල්ල උත්සන්න වෙද්දී බටහිර රටවල සහාය ලැබූ ලිබියා කැරැලිකරුවන්, සැඟවී සිටි ගඩාෆි අමු අමුවේ මරා දැම්මේ ඉකුත් වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. බානි වලීඞ් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ගැටුමින් තුවාල ලැබූවන් 75 දෙනකු රෝහල් ගත කළ බවය. ඔවුන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බවත්, වයස අවුරුදු 14 ක දැරියක ද ඒ අතර සිටින බවත් වාර්තා වේ. ලිබියා රජය ඊයේ සවස ප‍්‍රකාශ කළේ බානි වලීඞ් නගරයේ ගැටුම් සමථයකට පත් කිරීමට විශේෂ හමුදා බලඇණි කිහිපයක් බවය. ගඩාෆි පාලනය අවසන් කිරීමෙන් පසුවත් ලිබියාවේ ගැටුම් අවසන් වී නැත. ගඩාෆි පාලනය නිමා කිරීමට අවි අතට ගත් ඇතැම් සන්නද්ධ කල්ලි එම අවි බිම දමා නැති අතර ඔවුන් ලිබියාවේ වත්මන් රජයට ද එරෙහිව යයි. එම හේතුව නිසා ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ඇති අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ද ඉහළ යමින් පවතී. මේ හේතුව නිසා ලිබියා රජය සමඟ එක් වී, එරට කි‍්‍රයාත්මක ආයුධ සන්නද්ධ කල්ලිවලට එරෙහිව සටන් කිරීමට, කොමාන්ඩෝ බළඇණියක් පිහිටුවීමට ඇමෙරිකාව සූදානම් වෙයි. එම බළඇණිය පිහිටුවීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක් යෙදවීමට ඇමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවී ඇතැයි ද වාර්තා වේ. ඇමෙරිකා රජය ලිබියාවේ ආරක්ෂක කටයුතුවලට මැදිහත් වීමට සැරසෙන්නේ මීට මාසයකට පමණ පෙර ලිබියාවේ බෙන්ගාසි නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට සන්නද්ධ පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් බෙන්ගාසි නුවර සිටි ඇමෙරිකා තානාපති ඇතුළු ඇමෙරිකානු ජාතිකයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පවසන්නේ තානාපති කාර්යාලයට පහර දුන්නේ අල් කයිඩා සටන්කාමීන් කියාය.



අදහස් (0)

ගඩාෆි හිතවාදීන් ලිබියා රජයේ හමුදා සමඟ ගැටී 11 ක් මරුට:

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් මැදපෙරදිග සංචාරය අරඹයි
2025 මැයි මස 13 587 2

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල සංචාරයක් ආරම්භ කළේය. එම සංචාරයේ දී ඔහු පළමුවෙන් සෞදි අරාබියට යෑමට කියමිතය.


ඇමෙරිකාවේ ඖෂධ මිල අඩු කෙරේ
2025 මැයි මස 13 128 0

ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.


ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 801 1

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 581 2

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 2326 1

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 119 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1310 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1554 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site