IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස

ඝාතනය කෙරුණු ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සෙයිෆ් අල් ඉස්ලාම්ට රහස් ලියකියවිලි දීමට උත්සහ ගනිද්දී ලිබියා රජයේ අත්අඩංගුවට පත් තම නීතීඥවරුන් සිවුදෙනා නිදහස් කිරීමට ලිබියා රජය තීරණය කළ බව  ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කරයි. මෙම නීතීඥවරුන් සිවු දෙනා ලිබියා රජයේ අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 7 වැනිදාය. නීතීඥ කණ්ඩායමේ නායිකාව වන්නේ මෙලින්ඩා ටේලර් නමැති  ඕස්ටේ‍්‍රලියා ජාතික නීතීඥවරියයි. නීතීඥයන් සිවුදෙනා ලිබියාවට පැමිණ ඇත්තේ ලිබියා රජයේ අත්අඩංගුවේ පසුවන ගඩාෆි පුතු සෙයිෆ් අල් ඉස්ලාම් හමුවීමටය. ඔවුන් ලිබියාවේ බටහිරින් පිහිටි සින්ටානා නගරයට ගොස් ඇත. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ ලිබියාවෙන් පලා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලා ගැනීමෙන් පසු සෙයිෆ් අල් ඉස්ලාම් රඳවා තැබෙන්නේ සින්ටානා නගරයේය. නීතීඥ කණ්ඩාම සින්ටානා බන්ධනාගාරයේ දී සෙයිෆ් අල් ඉස්ලාම් හමුවූ අවස්ථාවේදී මෙලින්ඩා ටේලර් ලිබියා රජයේ අනුදැනුමකින් තොරව අල් ඉස්ලාම් කිසියම් ලියකියවිලි වගයක් දීමට උත්සාහ කර ඇති අතර එහිදී ආරක්ෂක අංශ ඇයත් ඇගේ සගයන් තිදෙනාත් අත්අඩංගුවට ගත්තේය. එම අවස්ථාවේදී නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය කියා සිටියේ ඔවුන්ගේ නීතීඥ කණ්ඩායම සම්බන්ධයෙන් ලිබියා රජය එල්ල කරන චෝදනා ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවටය. වසර 42 ක් තිස්සේ ලිබියාව පාලනය කළ ගඩාෆිගෙන් පසු රටේ බලය හිමිවීමට නියමිතව තිබුණේ සෙයිෆ් අල් ඉස්ලාම්ටය. ගඩාෆිගේ දූ දරුවන් අතරින් දේශපාලනයට පිවිස සිටින්නේ ද ඔහුය. ඉකත් වසරේ ලිබියාවේ ගඩාෆිගේ පාලනයට එරෙහි විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් නිර්දය ලෙස ඝාතනය කිරීමට අණ දීමෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණ සෙයිෆ් අල් ඉස්ලාම් චෝදනා එල්ල කර ඇත. ලිබියා කැරැලිකරුවන් අල් ඉස්ලාම් ඉකුත් වසරේ අල්ලා ගත් අවස්ථාවේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණ ලිබියා නව රජයෙන් ඉල්ලා සිටියේ සෙයිෆ් අල් ඉස්ලාම් තමන්ට බාර දෙන ලෙසටය. නමුත් ලිබියා රජය කියා සිටියේ ලිබියාවේ පවතින නීතියට අනුව සෙයිෆ් අල් ඉස්ලාම්ට ලිබියාවේදී දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය. ලිබියා නව රජය තවමත් අල් ඉස්ලාම්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා නැත. බන්ධනාගාරයේදී අල් ඉස්ලාම් නිරන්තරයෙන් වධ බන්ධනයන්ට ලක් වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණ චෝදනා කරයි.



අදහස් (0)

ගඩාෆි පුතුට රහස් ලියවිලි දෙන්න තැත්කළැයි ලිබියා අත්අඩංගුවේ සිටි නීතීඥයන්ට නිදහස

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 75 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site