IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ

ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි‍්‍රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ (05) ආරම්භ විය. කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ ගුවන් හමුදාව බානී වාලීඞ් නගරයට බෝම්බ හෙලීම ආරම්භ කළේය. ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය. එම නගර හතරින් දෙකක් වන්නේ බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේය. කැරැලිකරුවන් මේ වනවිට බානී වාලිඞ් මෙන්ම සාර්තේ නගරය ද වට කර ඇති අතර එම නගරවලින් පිටවන සියලූම මාර්ග අවහිර කර තිබේ. කැරැලිකරුවෝ බානී වාලිඞ් නගරය වට කිරීමෙන් පසු නගරයේ ගෝති‍්‍රක නායකයන් සමඟ ද සාකච්ඡා කළහ. එහිදී ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු කැරැලිකරුවන්ට පක්ෂව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. බානී වාලීඞ් නගරයේ බහුතරය වර්ෆාලා නමැති ගෝති‍්‍රක ජනයාය. ඔවුහු ගඩාෆි හිතවාදීහුය. එම නිසා බානී වාලිඞ් නගර වැසියන් අතරේ ද බෙදීමක් හට ගෙන තිබෙන බව කැරැලිකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් බානී වාලිඞ් නගරයට ගිය නියෝජිත මොහොමඞ් අබ්දෙල් අසීස් පවසයි. සාමකාමී අයුරින් බානී වාලිඞ් නගරය අත්පත්කර ගැනීමේ කටයුත්ත විසඳා ගැනීමට හැකිව තිබුණු අතර ගඩාෆි පාක්ෂිකයන් ඊට විරෝධය එල්ල කිරීමෙන් පසු ඊයේ (5)සිට නගරයට පහර දීම ආරම්භ කළ බව ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ගඩාෆිගේ අඹු දරුවනට රැකවල් දෙන්නේ මානුෂික හේතු මත

ඇල්ජීරියා අගමැති කියයි

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බිරිය සහ දරුවන්ට තම රටට ඇතුළු වීමට අවසර දී ඔවුන්ට රැකවරණ ලබා දුන්නේ මානුෂීය හේතු සැලකිල්ලට ගෙන යැයි ඇල්ජීරියා අගමැති අවධාරණය කරයි. ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්ට රැකවරණ දීම සම්බන්ධයෙන් ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය’ ඇල්ජීරියා රජයට දොස් පවරයි. ගඩාෆිගේ බිරිය සෆීයා, දියණිය අයීෂා සහ පුතුන් දෙදෙනකු වන මොහොමඞ් සහ හැනිබල් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟ දේශසීමා හරහා ඇල්ජීරියාවට පලා ගියේ ඉකුත් 29 වැනිදාය. ඒ, වසර 42 ක් තිස්සේ පැවැති ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසුවය. ගැබිනියකව සිටි ගඩාෆිගේ දියණිය අයීෂා ඇල්ජීරියාවට පැමිණීමෙන් පසු දරුවකු ප‍්‍රසූත කළාය. ”ගඩාෆිගේ පවුලේ සාමාජිකයන් සිටින්නේ අපගේ ආරක්ෂාව යටතේයි. ඔවුන් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. කැරැලිකාර පාර්ශ්වයට ඔවුන් හසුවුණා නම් ඔවුන් මරා දමන්නත් ඉඩ තිබුණා. අප ඔවුන්ට රැකවරණ ලබා දෙන්නේ මානුෂීය හේතු සැලකිල්ලට ගෙන” යැයි ඇල්ජීරියා අගමැති අහ්මෙඞ් ඔහියා පවසයි. එම පිරිස ලිබියාවට ලබා දෙන ලෙසත් ඔවුන්ට එරෙහි නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය බවත් ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය ඇල්ජීරියා රජයට දැනුම් දී ඇතත් ඇල්ජීරියා රජය පවසා ඇත්තේ ගඩාෆිගේ බිරිය සහ  දරුවන් ආරක්ෂාකාරීව ඇල්ජීරියාවේ රැඳී සිටින බවය. ගඩාෆිගේ බිරිය, දියණිය සහ පුතුන් දෙදෙනාට රැකවරණ ලබා දුන්නත්, ගඩාෆි රැකවරණ ඉල්ලා සිටියහොත් ඒ ගැන දෙවරක් සිතා බලන බව ඇල්ජීරියා විදේශ කටයුතු අමත්‍යාංශය ඉකුත් සතියේ වැඩි දුරටත් කියා සිටියේය. ගඩාෆි බිරිය සහ දරුවන් ඇල්ජීරියාවට පැමිණි අවස්ථාවේදී ගඩාෆි ද ලිබියාවේ සිට ඇල්ජීරියාවට පැමිණීම සඳහා ඇල්ජීරියා ජනපතිගෙන් අවසර ඉල්ලා සිටීමට උත්සාහ ගෙන ඇති නමුත් එය අසාර්ථක වී ඇතැයි ඇල්ජීරියානු පුවත්පත් වාර්තා කර තිබුණද ඇල්ජීරියා රජය ඒ බව තහවුරු කර නැත.



අදහස් (0)

ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site