ලිබියාවේ කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේ රහසේ රටින් පිටවී, මොරොක්කෝවට පලා යෑමට උත්සහ කළ අවස්ථාවේ මුරුෂානියාවේ දී අත්අඩංගුවට පත්වූ ලිබියාවේ හිටපු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානී අබ්දුල්ලා අල් සෙන්සුයි පෙරේදා (5) යළි ලිබියාවට රැගෙන ආ අතර ලිබියා රජය පැවැසුවේ ඔහුට එරෙහි කඩිනමින් නඩු පවරන බවය.
ලිබියාවේ සිට මුරුෂානියාවට ගොස් පසුව මොරොක්කෝවට පලා යෑමට අල් සෙන්සුයි උත්සහ කළේ මාලි රාජ්‍යයේ වැසියකු ලෙස ගුවන් බලපත‍්‍රයක් ඉදිරිපත් කරමින්ය. එහෙත් මුරුෂානියා ආරක්ෂක අංශ ඔහු කවුරුදැයි හඳුනාගෙන අත්අංගුවට ගත්තේය.
එම අවස්ථාවේදී ලිබියා රජය ඔහු ඉල්ලා සිටි අතර, මුරුෂානියා රජය අල් සෙන්සුයි සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීය. එම නඩු විභාගය අවසන් වූයේ සෙන්සුයි යළි ලිබියාවට බාර දෙන්නැයි තීන්දු කරමින්ය.
ඒ අනුව පෙරේදා මුරුෂානියා ආරක්ෂක අංශ විශේෂ ගුවන් යානයකින් ඔහු ලිබියාවට රැගෙන ආ බව වාර්තා විය.
ලිබියා කැරැල්ල උත්සන්න වූ අවස්ථාවේදී අහිංසක සිවිල් වැසියන් දහස් ගණනින් මරා දැමීමට අනුබල දී මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කළේ යැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය අබ්දුල්ලා අල් සෙන්සුයිට ද චෝදනා කර ඇත.
ගඩාෆි සහ ගඩාෆි වැඩිමල් පුතුට එරෙහිව ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් එම චෝදනා කර තිබේ. ගඩාෆි කැරැලිකරුවන් අතින් අමු අමුවේ ඝාතනය වූ අතර ගඩාෆි වැඩිමල් පුතු සෙයිෆ් අල් ඉස්ලාම් ලිබියාවෙන් පලා යෑමට තැත් කරද්දී කැරැලිකරුවන් අතට පත් විය.
අල් ඉස්ලාම්ට එරෙහිව ද කඩිනමින් නඩු පවරන බව ලිබියා රජය පැවැසුවත් එය මෙතෙක් සිදු කර නැත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය අල් ඉස්ලාම් තමන්ට බාර දෙන්නැයි ඉල්ලා සිටිය ද ලිබියා රජය ඊට කැමැත්ත පළ කර නැත.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගඩාෆිගේ බුද්ධි අංශ ප‍්‍රධානියාට එරෙහිව නීති මගින් කටයුතු කරනවා