IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක්

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් කීව් නගරයේ සංචාරය කරමින් සිටියදී රුසියානු හමුදාවේ රොකට් ප්‍රහාරයක් එල්ල විය.සති දෙකකට ආසන්න කාලයකට පසු කීව් අගනුවරට එල්ල වූ පළමු රොකට් ප්‍රහාරය මෙය වේ. රොකට් ප්‍රහාරයෙන් තුන්දෙනෙකු තුවාල ලබා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ඇතුළු කණ්ඩායම ආසන්නයට මෙම රොකට් ප්‍රහාරය එල්ල විය. මෙම රොකට් ප්‍රහාරය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කම්පනයට පත් වූ බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.

සති කිහිපයකට පෙර රුසියානු හමුදා පසුබැසීමෙන් පසු කීව් අගනුවරට එල්ල වූ ප්‍රථම සහාසික ප්‍රහාරය මෙය වේ. "යුක්රේනය යුද කලාපයක් කියල අපි දන්නව නමුත් එය අපට ආසන්නයේ සිදු වීම කම්පනයට කරුණකි"එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලයේ ප්‍රකාශක සැවියානෝ ඇබෘ පැවසීය.

" එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් සමග කීව් හි පැවැත්වූ  සාකච්ඡා අවසන් වනවාත් සමග ඒ ආසන්නයට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ල වුණා. රොකට් පහක්,එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එම සංවිධානය නියෝජනය කරන සෑම දෙයක්ම අවමන් කිරීමට රුසියානු නායකත්වය දරන උත්සාහය ඇතුළුව  ගොඩක් දේ මෙම ප්‍රහාරයෙන් කියවෙනවා" යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසීය. මෙම ප්‍රහාරයට බලවත් ප්‍රතිචාරයක් දෙන්න ලබා දෙන්න ඔහු වැඩි දුරටත් පැවසීය.

(බීබීසී)



අදහස් (0)

ගුටරේස් සෙලෙන්ස්කී හමුවෙද්දී රොකට් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site