චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එය 8,848 කි. එවරස්ට් මුදුනට යෑම අභියෝගයක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.
එවරස්ට් කන්දේ උස සෑම වසරක් පාසාම මිලිමීටර් දශම ගණනකින් වැඩිවෙයි. එය එසේ වන්නේ ඇයිදැයි සෙවීමට, වසර ගණනාවක් තිස්සේ භූ විද්‍යාඥයෝ වෙහෙසුණාහ. දැන් ඔවුන් ඊට පිළිතුරු සොයාගෙන අවසන්ය. එවරස්ට් කන්ද උස යෑමට පටන් ගත්තේ, මීට අවුරුදු 89,000 කට පෙර, එක් ගංගාවක්, තවත් ගංගාවක් ගිල දමා, මහා ගංගාවක් වූ නිසා යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.
භූ විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් කන්ද වසරක් පාසා උස යන්නේ මිලි මීටර් කීපයකිනි. මිලි මීටර් කීපයක් යනු ලොකු දෙයක් නොවේ යැයි සිතුනත්, පසුගිය වසර දහස් ගණන තිස්සේ, එවරට්ස් කන්ද අඩි 164 ක් උස වැඩි ඇත. එවරස්ට් කන්ද උස යෑම ආරම්භ වූයේ එය නිර්මාණය වූ අවස්ථාවේ පටන් ය. නිවැරදිව කීවොත් වසර මිලියන 50 ක් ඈත අතීතයේ සිටය. එදා යෝධ භූ තැටි දෙකක් එකිනෙක ගැටුණි. එය භූමිය කම්පා කළ මහ බිහිසුණු ඝට්ටනයකි. එක මත එක ගැටෙන්න වූයේ ඉන්දීය භූ තැටිය සහ යුරේසියානු භූ තැටියයි. එක භූ තැටියක් අනෙක් භූ තැටිය මත වැටුණි. පෘථිවියේ පිට පොත්ත දෙදරා ගියා පමණක් නොවෙයි, ඇඹරී ගියේය. ඒ සමඟ කඳු වැටියක් ඉහළට නිර්මාණය විය. ඒ, එවරට්ස් අයත් හිමාල කඳු වැටියයි.
පෘථිවි කබොල (Crust) ඉතා දැඩි ගතියකින් යුක්ත යැයි කීවද භූ විද්‍යාඥයන්ට අනුව එය එසේ නොවෙයි. පෘථිවි කබොල යනුවෙන් හැඳින්වෙන්නේ, පෘථිවිය මතුපිට ඇති සිහින් තුනී ස්තරයකි. ප්‍රචණ්ඩ ආකාරයෙන් භූ තැටි වෙනස් වීමක් හෝ ගැටීමක් සිදුවෙද්දී, කඳු වැටිවල බර පෘථිවි කබොලට දැනෙයි. පෘථිවි කබොලට යටින් ඇත්තේ ප්‍රාවරණයයි (Mantle). මෙය කොටස් දෙකකි. ඒ, ප්‍රාවරණය (Mantle) සහ ඉහළ ප්‍රාවරණය (Upper-Mantle) යනුවෙනි. ප්‍රාවරණය පාවෙනසුලුය. මෙය නිරන්රයෙන් ඉහළට තල්ලු වන ස්තරයකි. හිමාල කදු වැටිය ඇති ස්ථාන නිතර ඉහළ පහළ යයි. එය ඇසට නොපෙනෙන ඉතා සියුම් ක්‍රියාවලියකි. ඉතා සියුම් ක්‍රියාවලියක් වුවත් භූමියේ වෙනස්වීම් ඇති කිරීමට ඊට හැකිවිය.
වසර 89,000 කට පෙර, ප්‍රාවරණය ඉහළ පහළ යද්දී, එවරස්ට් කන්දේ සිට නැගෙනහිර දෙසින් පිහිටි ගංගාවක්, එහි ගමන් මඟ වෙනස් කළේය. මෙම ගංගාව අරුන් ගංගාවය. ගමන් මඟ වෙනස් කළ අරුන් ගංගාව, ඊට උතුරු දෙසින් පිහිටි තවත් ගංගාවක් දක්වා විහිදී ගිය අතර, එම ගංගාවේ ජලය සියල්ල අරුන් ගංගාව විසින් සොරා ගත්තේය. එකට එක්වුණු ගංගා දෙක මහා විශාල ගංගාවක් බවට පරිවර්තනය විය. මේ මහා ගංගාව ප්‍රචණ්ඩ ස්වරූපයෙන් ගලා බසින්න වූයේ එවරස්ට් කාන්ද පාමුල අවසාදිත පාෂාණ ටොන් බිලියන ගණනක් ඛාදනය කරමිනි.
එවරස්ට් කන්ද පාමුල භූ විෂමතා රැසක් නිර්මාණය විය. එහි අවසානය වූයේ එවරස්ට් කන්දේ උස වෙනස් කරමිනි. එදා සිට එවරස්ට් කන්ද උස යෑමට ආරම්භ විය. විද්‍යාඥයන්ගේ පැහැදිලි කිරීම වන්නේ මෙයයි. එවරස්ට් කන්ද සෑම වසරක් පාසාම උස යන අතර එය තවත් වසර මිලියන ගණනක් සිදුවනු ඇත. එසේ වුවත් එක් දිනෙක, එවරස්ට් කන්ද උස යෑම නවතිනු ඇති බවත් එදාට හිමාල කඳු වැටිය ආශ්‍රිතව තවත් භූ පෙරැළි දකින්න ලැබෙනු ඇති බවත් විද්‍යාඥයෝ වැඩිදුරටත් කියා සිටිති.
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ
බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්
ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගඟක් ගිලලා උස යන එවරස්ට්