IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගූගල් සමාගමත් අනුන්ගේ ලියුම් කඩයි

තම සේවා දායකයන්ගේ  පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන බව ගූගල් සමාගම පිළිගෙන තිබේ.

ගූගල් සමාගම මේ බව පිළිගෙන ඇත්තේ අන්තර්ජාල පරිශීලකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඇමරිකා සංවිධානයක් වන බිග් බ‍්‍රදර් වොච් සංවිධානය ගූගල් සමාගම සිය සේවා පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු හාරා අවුස්සා බලන්නේයැයි අධිකරණයේ පැවැරූ නඩුවක් හමුවේය.

ගූගල් සමාගම සිය විද්‍යුත් තැපැල් සේවය වන ජීමේල් පරිහරණය කරන්නවුන්ගේ ගිණුම් වලට පැමිණෙන විද්‍යුත් තැපැල් පත් විවෘත කර බලන බව ‘බිග් බ‍්‍රදර් වොච්’ සංවිධානය චෝදනා කර තිබේ.ගූගල් සමාගම මෙසේ පරිශීලකයන්ගේ විද්‍යුත් තැපැල් පත් විවෘත කර බලන්නේ ඒවායේ අන්තර්ගත කරුණු වලට ගැලපෙන වෙළද දැන්වීම් අදාළ පරිශීලකයාගේ ජීමේල් ගිණුමේ දර්ශනය කරවීමට බවත් ඔවුන් පවසා ඇත.

මෙයට පිළිතුරු ලෙස ගූගල් සමාගම දක්වා ඇත්තේ ව්‍යාපාරිකයකුට පැමිණෙන ලියුම් ඔහුගේ කාර්යාල සහයකයා විසින් විවෘත කර බලන්නා සේම ජීමේල් ගිණුමකට එන විද්‍යුත් තැපැල් පතක් තම සමාගම පිහිටුවා ඇති ආරක්ෂණ පද්ධතී වලින් විවෘත කර බලන බවයි.කෙසේ වුවත් වෙළද දැන්වීම් ගැන නැඟී ඇති චෝදනාවට ගූගල් සමාගම මෙතෙක් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.

මේ අතර හෙළිවී ඇති තවත් කරුණක් වන්නේ ගූගල් සමාගම ජංගම දුරකථන වලට සපයන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ අලූත්ම සංස්කරණයේ ඇති එක් අංගයකින් අන්තර්ජාලයේ සරන්නේ නැති විටකදී වුවද අදාළ දුරකථනය තිබෙන ප‍්‍රදේශය සොයාගත හැකි බවයි.

පරිශීලකයන්ට තමන් සිටින ස්ථානයේ පිහිටීම ගැන වඩාත් නිරවද්‍ය තොරතුරු ලබාගැදීමේ අරමුණින් මේ අංගය හදුන්වාදී ඇතැයි පැවැසුණද පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටිනා සංවිධාන මෙය ගූගල් සමාගම ඔත්තු බැලිමට යොදාගන්නා තවත් ක‍්‍රමයක් ලෙස හදුන්වාදේ.

වර්තමානයේ ලාබ ඉපයීමේ අරමුණින් පමණක් කි‍්‍රයාත්මක වන ගූගල් සමාගමෙන් පෙර පරිදි විශ්වාසවන්ත සේවාවන් ලබාගැනීමේ කාලය අවසන්ව ඇතැයි මෙම සංවිධාන වල මතයයි.



අදහස් (0)

ගූගල් සමාගමත් අනුන්ගේ ලියුම් කඩයි

සිරියලතා Friday, 16 August 2013 06:37 PM

අපිට නම් ඕවායෙන් කිසිම වැඩක් නැහැ (නි)

:       0       0

ඉෂාර Friday, 16 August 2013 01:28 PM

මේක ගැන මීට පෙර නිකන්ද අපේ ඇමතිතුමා කෑ ගැහුවෙ? (නි)

:       0       0

කමල් වීරවංශ Friday, 16 August 2013 01:56 PM

ආ.... ඕක ගැන කැගහපු කෙනා පාවිච්චි කරන්නේ ඇපල් අයිපැඩ් එකක්..... (ස)

:       0       0

විමල් Saturday, 17 August 2013 07:45 PM

ඉලෙක්ට්‍රොනික් ලෝකයේ රහස් නෑ... (ස)

:       0       0

තාරක Saturday, 17 August 2013 11:56 PM

අනේ මන්දා? (නි)

:       0       0

චමත් Friday, 16 August 2013 03:34 PM

මොක වුණත් ගූගල් සමාගම ලෝකෙට කලේ ලොකු සේවයක්. ගූගල් ඇන්ඩ්‍රොයිට් මෙහෙයුම් පද්ධතිය නිසා ස්මර්ට්ෆොනේ වල මිල ගොඩක් අඩු වුනා. ඒ නැතත් අපි ගූගල් වලින්, විද්‍යුත් තැපෑලෙන් කොච්චර ප්‍රයෝජන ගන්නවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site