IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගූගල් සමාගමට යුරෝපයෙන් දඩයක්

සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අදාළ රෙගුලාසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක දඩයක් පැනවීමට යුරෝපා සංගමයේ අදාළ අංශ කටයුතු කර තිබේ.

අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තිබෙන රෙගුලාසි උල්ලංඝණය කිරීම නිසා “ඇල්ෆබට්(ගූගල්)” ගූගල් ඒකකයට මෙසේ දඩ නියම කර තිබෙන අතර දැනට විභාග වෙමින් තිබෙන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිත යැයි වාර්තා වේ.

ලොව ජනප්‍රියම අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය ලෙස සැලකෙන ගූගල් සමාගමට තම බඩු භාණ්ඩ සැපයීමේ සේවයට පක්ෂපාතී වීම නවතා දැමීමට දින 90ක කාලයක් ලබාදෙන බවත් අදාළ කාලය තුළ දී  නිසි රෙගුලාසිවලට අනුකූල නොවුණහොත් ඔවුන්ගේ දෛනික ගෝලීය ආදායමෙන් තවත් සියයට 5ක මුදලක් අය කරගන්නා බවත් යුරෝපා කොමිසම නිවේදනය කර තිබේ.

ගූගල් සමාගම සෙවුම් කටයුතුවලදී තම සේවාවලට ප්‍රමුඛත්වය දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද දඩය නියම කරමින් යුරෝපා කොමිසම සඳහන් කරයි.


(රොයිටර් ඇසුරෙනි-055)



අදහස් (2)

ගූගල් සමාගමට යුරෝපයෙන් දඩයක්

vipula Wednesday, 28 June 2017 03:12 AM

අපේ ඩිජිටල් ඇමති වෙලාවට රටින්පිටමන් කළේ.

:       0       30

sachith Wednesday, 28 June 2017 07:38 AM

මේවගේ දේවල් ඕනෑම සමාගමක් තමන්ගේ ව්‍යාපාරික පැවැත්මට කරනවා. එත් ඒවා පාරිභෝගිකයන්ට අවහිරයක් වෙන්නේ නැති වෙන්න ඕනි. අපිට නම් බය වෙන්න දෙයක් නැ. අපිට ඉන්නේ ලෝකේ ඉන්න සුපිරිම ඩිජිටල් අැමතිනේ....

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site