'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදන වීම වැළැක්වීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාගත් ඇමෙරිකාවේ ගැබිනි මවක බිහි කළ බිලිඳියකගේ සිරුරේ වයිරසයට එරෙහි ප්‍රතිදේහ නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
ගැබිනි මවට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීමෙන් පසු, උපත ලැබූ බිලිඳකුගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වුණැයි තහවුරු වූ පළමු අවස්ථාව මෙය බව ඇමෙරිකන් මධ්‍ය වාර්තා කරයි. මෙම ගැබිනි මවට ලබා දී ඇත්තේ ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම නිර්මාණය කළ 'මොඩර්නා' එන්නතය.
ගැබිනි මවුවරුන්ට, කිරි දෙන මවුවරුන්ට හෝ අවුරුදු 18 ට අඩු දරුවන්ට 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම නිර්දේශ කර නැත. ඊට හේතුව ලහිලහියේ නිපදවූ එන්නත් කිසිවක් සියයට සියයක් ආරක්ෂිතදැයි තහවුරු කර නැති බැවිනි.
ඇමෙරිකාවේ 'මොඩර්නා' ඖෂධ නිෂ්පාදන සමාගම, නිපදවා ඇති එන්නත මේ වනවිට මාස 6 සිට අවුරුදු 18 දක්වා දරුවන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ගැබිනි මවුවරුන් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කරමින් පවතී. ඒ පැය 24 පුරා වෛද්‍ය අධීක්ෂණය යටතේය.
'මොඩර්නා' එන්නත මාත්‍රා දෙකකින් සමන්විතය. ප්‍රතිදේහ සහිත නිරෝගී බිලිඳියක් බිහි කළ මවට පළමු එන්නත ලබා දී ඇත්තේ ඇය ගැබිනියක වී සිටිද්දී වන අතර, ඇයට දෙවැනි එන්නත ලබා දී ඇත්තේ දින 28 කට පසුව බිලිඳියට මවු කිරි දෙද්දීය.
පළමු එන්නත ලබා ගැනීමෙන් කුසේ සිටි බිලිඳියගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වූ අතර, සියයට 100 ක් මවගේ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වූයේ දෙවැනි එන්නත ලබා ගැනීමෙන් පසුව යැයි වෛද්‍යවරු තහවුරු කර තිබේ.
ඉදිරියේ දී තවත් සායනික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත බවත් මූලික අත්හදා බැලීම් අනුව, 'මොඩර්නා' එන්නත ගැබිනි මවුවරුන්ට සුදුසු බවත්, එය ඉතා සතුටුදායක පුවතක් බවත් ෆ්ලොරීඩාවේ ඇට්ලැන්ටික් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොරෝනාට එරෙහි ප්‍රතිදේහ අරන් ආ බබා