IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කළ උදව්ව ආපසු හැරේ

ළිදකට වැටී සිටි වලසෙකු බේරා ගැනීමට ගිය ඉන්දීය වසංරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට එම වලසාගෙන්ම පහර කෑමටත් සිදුවිය.

රැයෙහි ගම්මානයකට පැන ගම්වැසියෙකුටත් පහර දී ඇති මේ වලසා පලා යාමට තැත් කිරීමේදී වගා ළිදකට වැටී ඇත.ගොඩ ඒමට නොහැකිව පෙරළි කරමින් සිටි වලසාට අනුකම්පා කෙරූ ගම්වැසියන් කර ඇත්තේ ඉන්දීය වනසංරක්ෂක නිළධාරීන් දැනුම්වත් කිරීමයි.

දැලක් යොදාගෙන වලසා ළිදෙන් පිටතට ගෙන ඇති වනසංරක්ෂක නිළධාරීන් වලසා දැලෙන් ලිහා නිදහස් කරන්නට සැරසෙනවාත් සමගම එක් නිළධාරියෙකු ළිදට තල්ලූ කරගෙන ඉදිරියට පැන ඇති වලසා අසළ සිටි තවත් නිළධාරියෙකු බිම පෙරළාගෙන සපා කෑමට පටන්ගෙන ඇත.වලසාගෙන් ඔහු මුදවා ගැනීමට හැකිව ඇත්තේ ගම්වැසියනුත් වන සංරක්ෂක නිළධාරීනුත් එකතුවී වලසා බියපත් කර වනයට පලවා හැරීමෙන් පසුවය.

තුවාළ ලැබූ වනසංරක්ෂක නිළධාරීන් දෙදෙනා මේ වන විට සිටින්නේ රෝහල් ගතවය.

වලස් පහරදීම් ගණනාවක් පසුගිය සමයේ ඉන්දියාවෙන් වාර්තා වුනි.මේ පහරදීම් වලට වැඩි වශයෙන්ම මුහුණ දෙන්නේ වන මායිමේ තිබෙන ගම්මාන වල වැසියන්ය.ඔවුන් කියනා ආකාරයට නම් වලසුන් මෙලෙස පෙරළි කරන්නේ වනයේ වැවෙන මල් වර්ගයක් ආහාරයට ගැනීම නිසාය.මේ මල් වර්ගය යොදාගෙන තමන් මධ්‍යසාර නිපදවන බවත් ඒවා කන වලසුන් ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවත් ඔවුන් පවසයි.

 



අදහස් (0)

කළ උදව්ව ආපසු හැරේ

සරත් Tuesday, 02 July 2013 01:23 PM

නිර්වින්දනය කරලා විතරක් මදි, මූව සුන්නත්කරලයි යවන්න තිබුනේ! (අ)

:       0       0

සම්පත් Tuesday, 02 July 2013 05:27 PM

ලංකාවේ නම් දැන් බෙහෙතකටවත් වලහෙක් දකින්න නෑ. (ත)

:       0       0

මුර්ශිඩ් Tuesday, 02 July 2013 03:15 PM

කියල වැඩක්නෑ හොදවැඩේ ඉන්දීයා .(අ)

:       0       0

අසින්ත Tuesday, 02 July 2013 03:21 PM

ඉන්දියාවේ ඉන්න සත්තුත් එකයි මිනිස්සුත් එකයි කිසිම කෙලෙහිගුණයක් නැති සත්වයෝ ඉන්න රටක්. (නදී)

:       0       0

ජානා Tuesday, 02 July 2013 12:30 PM

වලහත් ඉන්දියන් . අහන්න දෙයක් නෑ. කලෙහි ගුණ බින්දුවෛ. (අ)

:       0       0

සමන් Tuesday, 02 July 2013 03:54 PM

කාලගුණ දන්නේ නැති සතෙක් (දී)

:       0       0

වරුණ Tuesday, 02 July 2013 12:33 PM

වසලස්සු මූනටමනේ ගහන්නේ ඉතින් මුහුණ බේරගන්නයි වලහට රිටන් එකක් දෙන්නයි දෙකක් කොරන්න බැහැනේ.(නදී)

:       0       0

රමී Tuesday, 02 July 2013 12:46 PM

නිර්වින්දනය කලානම් ඉවරනේ. (ත)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 02 July 2013 04:41 PM

අපෝ..ලංකාවේ වලස්සු නම් ඔහොම කරන්නේ නැහැ.. මිතුරන් දෙදෙනෙක් හිටපු වෙලාවේ එක් අයෙකු මැරුණා වගේ බිම දිගා වෙනවා..අනෙක් මිතුරා ගහට නැග ගන්නවා ..වලහා ..බිම දිගා වුන ඇත්තාට රහසක් කියලා යන්න යනවා. ඉන්දියාවේ වලස්සු වගේ සපා කන්නෙම නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site