IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කුසේ බබාගේ පින්තූරත් ගනී

 අධි තරංග (අල්ට්‍රා සවුන්ඩ්) හා ත්‍රිමාණ තාක්ෂණයේ මහිමයෙන් මව් කුසයේ සිටිනා බිළිදාගේ පැහැදිලි ඡායාරූප ලබාගත හැකි නවතම මෘදුකාංගයක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.

මේ පසුපස සිටින්නේ මොනාකෝහි ග්‍රේස් කුමරි රෝහලේ වෛද්‍යවරයෙකු වන බර්නාඩ් බෙනොයිට්ය.ඔහු

අධි තරංග වල භාවිතයේ ගැන පුරෝගාමියෙකි.

සජීවි ලෙස බිළිදා මව්කුසයේ හැසිරෙන අන්දම පටිගත කිරීමටද මේ මෘදුකාංගයට හැකියාව ඇත.බිළිදා ඈනුම් යවන අයුරු මව්කුසයට පහර දෙන අයුරු සිනාසෙන අයුරු ආදී සියලූ ක්‍රියාකාරකම් සජීවීව නිරීක්ෂණය කිරීමේ හැකියාවද මෙම මෘදුකාංගය ලබාදේ.ඒ සියල්ල ඩී.වී.ඩී පටිගත කර මව්පියන්ට ලබාගැනීමටද හැකියාව ඇතැයි වෛද්‍ය බර්නාඩ් කියයි.

මව් කුසයේ වැඩෙනා කළලය නිරීක්ෂණය කිරීමට අධි තරංග භාවිතා කරනු ලබයි.අධි තරංග ජනකයක් ආධාරයෙන් මව් කුසය වෙතට තරංග එල්ල කරන අතර එම තරංග කුසය විනිවිද ගොස් අභ්‍යන්තරයේ තිබෙනා කළලයේ හැපී නැවත පරාවර්තනය වේ.මෙසේ පරාවරතනය වන තරංගයන් ග්‍රහණය කරගන්නා විශේෂ ග්‍රාහකයක් වන අතර එය විසින් ග්‍රහණය කරගන්නා පරාවර්තනය වන තරංග ආධාරයෙන් කළලයේ ස්වරූපය පිළිඹද දළ සටහනක් ලබා ගැනීමට හැක.

අධි තරංග ආධාරයෙන් ලබා ගන්නා දළ සටහනට වර්ණ ගන්වා ඡායාරූපයක් ලෙස ඉදිරිපත් කිරීමට මේ මෘදුකාංගය සමත්ය.එනිසා පෙර මෙන් නොව හෙට ලොව එළිය දැකීමට සිටිනා සිය බිළිදාගේ සැබෑ ස්වරූපය ඇති සැටියෙන් බලා කියා ගැනීමට මාපියන්ට අවස්ථාව සැළැසේ.

කළලයක දුර්වලතා වේ නම් එය මුලදීම පහසුවෙන් හදුනාගැනීමට වෛද්‍යවරුන්ට ආධාර කිරීම මෙහි ප්‍රධානතම අරමුණ බව මෘදුකාංගයේ නිර්මාතෘ වෛද්‍ය බර්නාඩ් බෙනොයිට් කියයි.



අදහස් (0)

කුසේ බබාගේ පින්තූරත් ගනී

සුජීව Sunday, 31 March 2013 11:37 PM

මෙවැනි දේවල් සොයාගැනීම අතින් බටහිර යුරෝපය සිටින්නේ ඉදිරියෙන්. (නි)

:       0       0

ගාමිණී Sunday, 31 March 2013 02:50 PM

අදහාගන්න බැරි සොයාගැනීමක්. (නදී)

:       0       0

සූකිරි Sunday, 31 March 2013 04:16 PM

ඔබේ හැකියාව අනර්ඝයි.(නදී)

:       0       0

මාලා Sunday, 31 March 2013 04:18 PM

පේනවද සුද්දන්ගේ වැඩ.(නදී)

:       0       0

පද්මා Sunday, 31 March 2013 04:12 PM

අලුත් අලුත දේ නොතනන ජාතිය ලොව නොනඟි (අ)

:       0       0

චූළා Sunday, 31 March 2013 04:19 PM

ඔබේ දක්ෂතාවය අති විශිෂ්ටයි.(නදී)

:       0       0

සේන Sunday, 31 March 2013 04:14 PM

අපි ඉතින් උද්ඝෝෂන කරමු. කම්මැලිකමෙන් වර්ගවාදය පතුරමු. උත්සාහයෙන් නැගිටින එකට ජාතී වාදීන් වෙලා.(නදී)

:       0       0

සේනක Monday, 01 April 2013 11:34 PM

තාක්ෂණයක මහිම (දී)

:       0       0

ලසන්ත Monday, 01 April 2013 09:31 AM

සුවහසක් මානව වර්ගයාට ඔබ කළේ සේවයක් ඔබට පින්... (ස)

:       0       0

සුමේද Monday, 01 April 2013 09:25 AM

මේවගේ වැඩ කරන එක ළමයට හොදද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site