IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කැස්ස පැණිය ඉන්දුනීසියාවේ තහනම්

අප්‍රිකා රාජ්‍යයක් වන ගැම්බියාවේ කුඩා දරුවන්ට මරු කැඳවූ බව පැවැසෙන ඉන්දියාවේ ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන කැස්ස සමනය කිරීමට ලබා දෙන සිරප් වර්ග ඉන්දුනීසියා රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.

වෛද්‍ය නිර්දේශ යටතේ මෙම සිරප් වර්ග භාවිතයට ගත් ගැම්බියාවේ කුඩා දරුවන් 70 දෙනකු මියගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ මීට දින කීපයකට පෙරය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. ඒ, ගැම්බියා සෞඛ්‍ය අමත්‍යාංශය ලබා දත්ත පාදක කර ගනිමිනි. එම විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැත.

ඉන්දුනීසියා රජය පවසා ඇත්තේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පිළිතුරක් ලැබෙන තුරු, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොටගත් ‘මේඩ්න්’ ඖෂධ නිෂ්පාදන සමාගමේ කිසිදු සිරප් වර්ගයක් එරට දරුවන්ට නිර්දේශ නොකරන බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කැස්ස පැණිය ඉන්දුනීසියාවේ තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site