ඉන්දියාවේ බුද්ධගයාන් මහමෙව්නාව අසපුවේ වැඩ සිටි හොරොව්පතානේ කුසලචිත්ත හිමි අපවත්වී තෙමසක් ගතවීම හා එහි සමීපතම දායකයවූ අභාවප්‍රාප්ත ගාමිණී සිල්වා මහතා ට පිං අනුමෝදන් කිරීමේ සාංඝික දානයක් ලන්ඩන් නුවර මහමෙව්නා ජාත්‍යන්තර අසපුවේදී පැවැත්විණි.
බ්‍රිතාන්‍යයේ මහමෙව්නා ශාඛා 5කින් හිමිවරු 7 නමක් දානයට වැඩම කළහ.
කුසලචිත්ත හිමියෝ (32) අවුරුදු අටක් පමණ ඉන්දියාවේ වැඩ වසමින් ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතවූහ. ඒ හිමයෝ මහමෙව්නා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි.
කුසලචිත්ත හිමියෝ ශ්‍රී ලංකාවේ සිට දඹදිව බුද්ධ වන්දනාවේ ගිය බොහෝ පිරිසකට සිත සතුටින් බුද්ධගයා පින්බිම වන්දනා කරගැනීම සඳහා විවිධ කාරයෙන් උදව් උපකාර කළ බුද්ධ ගයාන් මහමෙව්නාව අසපුවේ සිට අවට ජීවත්වූ විවිධ ආගමිකයන්ට උදවු උපකාර කළහ.
හින්දි භාෂාව ඉතා හොඳින් හැසිරවීමේ හැකියාවක් තිබු උන්වහන්සේ බුද්ධගයාන් අසපුවේ ඉන්දියානු දු දරුවන් සහභාගීවන දහම් පාසලක්ද ඇරැඹූහ.
1400 ක් පමණ සිසු දරුවෝ එහි දහම් අධ්‍යාපනය ලබති. ලාංකික පින්වතුන්ගේ නොමද උපකාරයෙන් පවත්වනු ලබන මෙම පාසැල තුල සෑම ආගමකම දූ දරුවන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීල, සමාධි, ප්‍රඥා ගුණ දහම් පුරුදු කරති.
කුසලචිත්ත හිමියෝ බුද්ධගයා පින්බිම අවට බොහෝ ගම්මාන වෙත වැඩම කරමින් ඒවායේ ජිවත්වන පිරිස් වෙත ධර්ම දේශනා පැවැත්වීමටත් බුදු දහම පිළිබඳව නිර්මාණය කෙරුණු කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරවීමටත් එම මිනිසුන් දෛනිකව මුහුණ දෙන ප්‍රශ්න සාකච්චාකරමින් ඒ සඳහා ශක්ති ප්‍රමාණයෙන් අවශ්‍ය පිළියම් සපයාදිමටත් වෙහෙස මහන්සිවී කටයුතු කළහ.
නිර්මල බුදුදහම බුදුන් වහන්සේ පහලවූ පින් බිමට නැවත හඳුන්වාදීම උදෙසා අනුපමේය සේවාවක් ඉටුකළ කුසලචිත්ත හිමියන්ටත් මහමෙව්නා අසපු සංචිතයේ වත්මන් පොදු ජනප්‍රසාදය බිහිවීම උදෙසා සිය කාලය සහ ශ්‍රමය කැමැත්තෙන් වැයකළ ගාමිණී ද සිල්වා මහතාටත් පින් පැමිණවීම ඉතාම කාලෝචිත ක්‍රියාවක් බවත් මහමෙව්නා අසපු ශාඛාවක් ලන්ඩන් නුවර ස්ථාපිත කරවීම උදෙසා වෙහෙසකරවූත් දුෂ්කරවූත් ක්‍රියාවලියේ පෙරගමන් කරුවකු වූ ගාමිණී ද සිල්වා මහතාගේ මරණය මහමෙව්නා අසපු සංකීර්ණයේ වැඩකටයුතු වලට සිදුවූ බලවත් පාඩුවක් බවත් පින්කමෙහි පුන්‍යානුමෝදනාව පැවැත්වූ කටුනේරියේ ධම්මදේව හිමියෝ පැවසුහ.
ගාමිණී ද සිල්වා මහතාගේ මරණය පිළිබඳව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් නිකුත්කළ නිවේදනයෙහි මෙලෙස දැක්වෙයි.
"2015 ඔක්තෝම්බර් 11 දහවල් මා හමුවී ඉතා ප්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන්වූ වග කිසිවෙක් නොදත්තේය. හදිසියේ ම හටගත් හෘදයාබාධයකින් ඔබ සැණෙකින් මනුලොව අත්හැර දෙවියන් අතරට ගියේ ය.
පෙර සසරේ ආ බැඳීමකින්දෝ, මා හමුවන්නට ඔබ ආ දා සිට ඔබ මගේ සැදැහැවත් ම දායකයා විය. මගේ හිතාදරම කැපකරුවා විය.මගේ ළබැඳි ම මිතුරා විය. චතුරාර්ය සත්‍ය ධර්මයට අසීමිත ලෙස ආශා කළ ඔබ අප භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ධර්මය ඔබ සමඟ කියද්දී කුඩා දරුවෙකු සෙයින් සවන් දී සිටියේ ය. ඒ දහම අසා සතුටින් ඉපිල ගියේ ය. තුනුරුවනට දිවි පුදා දහමෙහි හැසිරුණේ ය. නිර්මල බුදු දහම පතුරුවන්නට මහත් සේ ආශා කළේය. භාග්‍යවතුන් වහන්සේගේ සාම සංදේශය රැගෙන මා නන්නාඳුනන රටවලට යද්දී ඒ හැම වතාවේම ඔබ මට සුවය සැදූ සෙනෙහෙබර සෙවණැල්ල විය. වරක් ඔබ මට මෙසේ කිව්වේ ය. “ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ඇතැම් අවස්ථාවලදී මට ‘ගාමිණී’ නමින් පමණක් අමතද්දී ‘ගාමිණී මහත්තයා’ කියනවාට වඩා එය මට ගොඩාක් සමීපයි.”
ඔබේ හදවතේ උතුරා දෝර ගලා පිටාර ගිය ආදරයට, කරුණාවට, දයාවට, මිනිස්කමට ජාති, කුල, ආගම් කිසිවක් බාධාවක් නොවීය. සුවඳ හමනා මලක් සෙයින් මිනිසත් බවෙහි සුවඳ ඔබෙන් හමා ගිය බව සත්තයි. මනුලොව ඉටු දෙවියෙකු සේ මා ළඟ සිටි, මගේ අදරැති ගාමිණී දැන් ඔබ දෙවියන් අතර ඇතුවාට මා හට සැක නැත. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඇති තරම් පින් නෙළා ගන්නට ඔබ ලද මිනිස් දිවිය ප්‍රමාණවත් විය ඔබ හට එනිසා මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!"
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුසලචිත්ත හිමි සිහිකර ලන්ඩනයේ පිංකම්
චතුර Monday, 09 November 2015 07:59 AM
දැකබලා සතුටට පත්වුණෙමි... (නි)
විපුල Sunday, 08 November 2015 05:42 AM
සාධු සාධු අනුමෝදාමි !!! (ම)
නිලුපුල් Sunday, 08 November 2015 08:31 AM
සාදු ..සාදු ...අනුමෝදාමි...(ම)
සුගත් Friday, 06 November 2015 08:31 AM
සතුටින් අනුමෝදන් වෙමි. සාදු. සාදු. සාදු.(ම)