
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ෂෙහ්බාස් ෂරීෆ් කියා සිටියේ ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වන්නේ කාශ්මීර අර්බුදය විසඳා ගැනීමට හැකි වුණොත් පමණක් බවය.
2019 වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, කාශ්මීරය සම්බන්ධයෙන් පැවැති 370 වැනි වගන්තිය අහෝසි කිරීම ෂෙහ්බාස් ෂරීෆ්ගේ දැඩි දෝෂදර්ශණයට ලක් විය.
කාශ්මීර නිම්නයේ ජීවත් වන මුස්ලිම් වැසියන්ට සිදුවන අසාධාරණකම් සහ කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඔවුන් වෙනුවෙන් හඩ නගන බවත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් පැහැදිලි කළේය.
2019 වසරේ දී ඉන්දීය රජය 370 වැනි වගන්තිය අහෝසි කිරීම සහ කාශ්මීර මුස්ලිම් වැසියන්ට සිදුවුණු කෙණෙහිලිකම් සම්බන්ධයෙන් කිසිවක් නොකර බලා සිටියේ යැයි නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂ රජයට දොස් නැගීමට ද අමතක නොකළේය.
පාකිස්තාන විපක්ෂ නායක ලෙස කටයුතු කළ 'මුස්ලිම් ලීගය එන්' දේශපාලන පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන 70 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තානයේ හිටපු නායක නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. 'මුස්ලිම් ලීගය එන්' දේශපාලන පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කරන්නේ නවාස් ෂරීෆ්ගේ දියණිය මර්යාම් ෂරීෆ් ය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්මීර් අර්බුදයට විසදුම් ඕනෑ