ඉන්දු/පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ කඳුකරයේ පිහිටි පාකිස්තාන හමුදා මූලස්ථානයක් පෙරේදා (7) හිම කන්දක් කඩා වැටී මුළුමනින්ම යටවී ගිය අතර කඳවුරේ සිටි සෙබළු 124 දෙනකු සහ සමාන්‍ය වැසියන් 11 දෙනකු පණ පිටින් වැළැලී ගිය බව පාකිස්තාන හමුදාව පවසයි. හිම කඳු කඩා වැටීම ගැන ආරංචි වූ සැණින් හිම තට්ටු යට සිරවූවන් සොයා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණු නමුත් පැය 12 ක් ගත වුවද කිසිවකු සොයා ගැනීමට හැකියාවක් නොලැබුණු බව පාකිස්තාන හමුදා ප‍්‍රකාශක අතාර් අබ්බාස් පවසයි. හිම කඳු නාය යෑමට ලක් වී ඇත්තේ හිමාල අඩවියට අයත්, සියාචෙන් ග්ලැසියරය අසල කරාකෝරාම් කඳුකරයේ පිහිටි හමුදා මූලස්ථානයකි. හිම කන්ද කඩා වැටෙන අවස්ථාවේදී කඳවුරේ සෙබළුන් එකසිය පහනහක් පමණ සිට ඇති බව ද වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1970
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කාශ්මීරයේ හිම කන්දක් කඩා වැටී පාකිස්තාන සෙබළු 124 ක් වැළලෙති