ඉන්දීය පරිපාලනය යටතේ තිබෙන කාශ්මීරයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි ඉන්දීය පොලිසිය සඳහන් කරයි.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ බරාමුල්ලා දිස්ත්‍රික්කයේදී සන්නද්ධ කැරැලිකරුවන් හා පොලිසිය අතර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබෙන අතර ඉන්දීය රජය කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් පසු ගැටුමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය. එම පියවර ගැනීමෙන් පසුව සිය පාලනය යටතේ තිබෙන කාශ්මීර කොටසට ඇඳිරි නීතිය පැනවීමටත් සන්නිවේදන ජාල අවහිර කිරීමටත් ඉන්දීය රජය පියවර ගත්තේය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසීමාවේ පාලන සීමාවේ සිදු වූ ගැටුමකින් සිවිල් වැසියන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව පාකිස්තානය සඳහන් කළේය. ඉන්දියාව සහ පාකිස්තානය අතර අර්බුද පවතින කාශ්මීරයේ පාලන සීමාව නැතහොත් දේශසීමාවේදී වෙඩි තැබීම සිදුව ඇතැයි පාකිස්තාන බලධාරීහු කීහ.
පාලන සීමාවේ සහ පූන්ච් දිස්ත්‍රික්කයේ ඉදිරිපෙළ මුරපොළවලට සහ ගම්මානවලට පාකිස්තාන හමුදා කළ වෙඩි තැබීම්වලින් ඉන්දීය සොල්දාදුවකු මියගොස් තවත් සිවුදෙනකු තුවාල ලැබුවේ යැයි ඉන්දීය නිලධාරීන් උපුටා දක්වමින් පී.ටී.අයි. පුවත් සේවය වාර්තා කළේය.
ඉන්දීය රජය එරට පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමත් සමඟ එම ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර් හි විරෝධතා ආරම්භ විණි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඉන්දීය පාලනය යටතේ තිබෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයට ස්වයං පාලන බලතල ලබා දී තිබිණි. ඉන්දීය රජය ඉකුත් දා අහෝසි කරන ලද්දේ එම වගන්තියයි.
එයින් පසුව ඉන්දියාව මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයට අමතර බළඇණි යැවීමටත් ඇඳිරි නීතිය පැනවීමටත්, සන්නිවේදන ජාල අවහිර කිරීමටත් පියවර ගත්තේය. ඊට අමතරව කාශ්මීරයේ දේශපාලන නායකයන් ද අත්අඩංගුවට ගත්තේය.
ආරක්ෂක අංශ සහ රජයේ ආරංචි මාර්ගවලට අනුව ඉන්දීය පාලනයේ තිබෙන කාශ්මීරයේදී 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පාකිස්තානයද කාශ්මීරයට අයිතිවාසිකම් කියයි. ඉන්දීය පාලනය යටතේ තිබෙන කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමට ඉන්දියාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ජාත්‍යන්තර අධිකරණයට යන බව පාකිස්තානය අඟහරුවාදා සඳහන් කළේය.
(අල්ජසීරා ඇසුරිනි සහ ඒ.එෆ්.පී. ඇසුරිනි)
055

2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2417
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාශ්මීරයේ කැරලිකරුවන් - පොලිසිය අතර ගැටුමකින් දෙදෙනෙක් මරුට