පාලකයින්ගේ උපදෙස් නොතකා අපි‍්‍රකාවේ සිංහයින් සදහා වෙන්කර තිබෙන සත්ත්වෝද්‍යානයක තමන් සිටි මෝටර් රථයේ වීදුරු විවෘතකරගෙන සිටි ඇමරිකා ජාතික තරුණියක සිංහයෙකුගේ ප‍්‍රහාරයට හසුව මරණයට පත්ව තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මෝටර් රථයේ සිට අවට ඡායාරූප ගනිමින් සිටි ඇය දෙසට ළංවූ සිංහ ධේනුවක එක්වනම කඩාපැන විවෘත කර තිබුණු වීදුරුවෙන් ඇයව ඉවතට ඇදගත් බවයි.
කෑගසා සිංහ ධේනුව පළවා හැරියද ඒ වන විටත් එම තරුණිය මියගොස් සිටි බව ඔවුන් කියයි.
සත්ත්වෝද්‍යානයේ පාලකයින් පවසන්නේ සෑම විටම මෝටර් රථ වල වීදුරු වසාගෙන සිටින ලෙස තමන් සංචාරකයින්ට අවවාද කරන බවයි.මේ අවාසනාවන්ත සිදුවීමට හේතුව එම උපදෙස් නොසළකා හැරීම යැයි ඔවුන් පවසයි.
කෙසේ වුවත් සිංහයින් සඳහාම වෙන්ව තිබෙන මෙම එළිමහන් සත්ත්වෝද්‍යානයේ ආරක්ෂාව ගැන ගැටළු මතුව තිබෙන්නේ වරක් දෙවරක් පමණක් නොවේ. සිංහයින් 85 දෙනකු පමණ නිදැල්ලේ සැරිසැරියද සත්ත්වෝද්‍යාන භූමියේ සිට සාද පැවැත්වීමටත්,කූඩාරම් ඉදිකිරීමටත් අවසරදී තිබීමෙන්ම සත්ත්වෝද්‍යානයේ පාලකයින් සංචාරකයින්ගේ ආරක්ෂාව කෙරෙහි කෙතරම් අඩු සැළකිල්ලක් දක්වන්නේදැයි හොදින්ම පැහැදිලිවන බව පරිසරවේදීහු කියති.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිව්වා නෑහූ සංචාරකයා සිංහයාගේ බඩට
නිහාල් Tuesday, 02 June 2015 08:09 AM
බළල් පවුලේ සත්තු මිලේච්ච්යි.සිංහයා,කොටියා ලංකාවේ නැති එක හොදයි.කකුල් දෙකේ මනුස්සයොත් මිලේච්ඡයන්ට සමාන කර ගැනීමත් ලෙඩක් (බ)
සෙනරත් Tuesday, 02 June 2015 08:40 AM
අනෙක් අයගේ අදහස් පහත්කොට සලකන ගතිය ඇමෙරිකානුවන් ළග තිබෙනවා. (නදී)
සෙලෙන්සියස් Tuesday, 02 June 2015 11:44 AM
සෙනරත් : මේක ඇමරිකාවේ ප්‍රශ්නයක් නොවේ. කියන දේ නාහපු අවස්ථාවක්. පොඩ්ඩක් ගිහින බලන්න දෙහිවල සතුන්වත්තේ සතුන්ට කෑම දෙන්න එපා කියල බෝර්ඩ් ගහල තියෙන හැමතැනම වගේ අපේ කට්ටිය සතුන්ට කෑම දෙන හැටි. (බ)
සමන් දකුණු අප්‍රිකාව Tuesday, 02 June 2015 01:14 PM
මමත් ඉන්නේ දකුණු අප්‍රිකාවේ. මම මේ වගේ සිංහයන් නරඹන්න ගිහින් තියනවා ඩර්බන් කිට්ටුව.ජනෙල් වහගෙන යන්න ඕනෑ. ඒක අනිවාර්යෙන්ම කරන්න කියලා ප්‍රථම උපදෙස හැටියට දෙනවා.අපරාදේ ජිවිතයක් නැතිවුණා නොසැළකිල්ල නිසා (නි)