ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට කවුරු ජයග්‍රහණය කළත් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇත.
ඇමෙරිකානු ඉතිහාසයේ පළමු උප ජනාධිපතිනිය වන 60 හැවිරිදි කමලා හැරිස් ජයග්‍රහණය කළහොත් ඇය ඇමෙරිකානු ජනපති ධුරයට පත්වන පළමු කාන්තාව, පළමු කළු ජාතික කාන්තාව, ප්‍රථම ඉන්දියානු-ඇමරිකානු සහ පළමු දකුණු ආසියාතික ඇමරිකානුවා බවට පත් වනු ඇත.
ඊට අමතරව, දෙවතාවක් දෝෂාභියෝගයට ලක් වී, අධිකරණය හමුවේ වරදකරුවෙකු ද වූ ඇමෙරිකාවේ එකම ජනාධිපති ලෙස 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත්, ඔහු එක ළඟ නොව, අවස්ථා දෙකක දී ජනාධිපති ධුරය දිනූ පළමු ජනාධිපතිවරයා වනු ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයකුට හිමිවන්නේ ධුර කාල දෙකකි. ට්‍රම්ප් 2017 සිට 2021 දක්වා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අතර, 2020 ජනාධිපතිවරණයේ දී බයිඩන්ට පරාජය විය. ට්‍රම්ප් මෙම 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තවත් එක් ධුර කාලයක් ඉතිරි වූ බැවිනි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කවුරු දිනුවත් ඓතිහාසිකයි
Perera Wednesday, 06 November 2024 05:52 AM
ට්‍රම්ප් දශමයෙන් හරි දිනන ප්‍රවණතාවයක් වගෙයි තියෙන්නේ