
‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූ තමන් පූර්ණ සුවය ලබා සිටින බවත්, ‘කොවිඩ් 19’ රෝග ලක්ෂණ සියල්ල පහව ගොස් ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
‘මා හොඳින්. නිරෝධායන කාලසීමාව අවසන් වූ සැණින්, මා යළි පූර්ණ කාලීනව රාජකාරිවල නියැළෙනවා. වෛද්‍ය උපදෙස් අනුව මා කටයුතු කරනවා’ යැයි ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර තිබේ.
ජනපති බයිඩන් මෙසේ පැහැදිලි කළේ ධවල මන්දිරයේ නිරෝධායනයේ සිට වීඩියෝ පණිවුඩයක් හරහා ජනතාව අමතමිනි.
79 හැවිරිදි බයිඩන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය සතියේය. ඒ අනුව වෛද්‍ය උපදෙස් අනුව ඔහු නිරෝධායනයට යොමු කෙරුණි.
වෛද්‍යවරුන් බයිඩන්ට ‘පැක්ස්ලොවිඩ්’ නමැති ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට ලබා දෙන වයිරස නාශක ඔසුව ලබා දුන්නේ බයිඩන්ගේ වයස සැලකිල්ලට ගනිමිනි.
‘කොවිඩ් 19’ ආසාදනය වෙද්දී බයිඩන්, පළමු සහ දෙවැනි ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පමණක් නොව, තෙවැනි සහ සිවුවැනි මාත්‍රා ලෙස බූස්ටර් එන්නත් ද ලබා ගෙන තිබුණි.
බයිඩන්ගේ පෙනහළු ආසාදනයක් දකින්න නැති බවත්, ඔහුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අවශ්‍ය පරිදි පවතින බවත්, රුධිර පීඩනය ද යහපත් බවත් ධවල මන්දිර වෛද්‍ය කෙවින් ඕ කොනර් පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොවිඩ් හැදුණු බයිඩන්ට සුවයි