IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


‘කොවිඩ්’ සීමා ඉවත් කරන්න බ්‍රිතාන්‍ය අගමැති සූදානම්

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පැනැවූ සියලු සීමා ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජය තීරණය කර ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පුමුඛ රජය මෙම තීරණය ගෙන ඇත්තේ ‘ඔමික්‍රෝන්’ විකෘතියේ බලපෑම අඩුවීමත් සමග සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව එලැඹෙන 23 සිට සීමා ඉවත් කිරීම සිදුවෙයි.

කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනෙන පුද්ගලයන් සඳහා පනවා ඇති අනිවාර්ය ස්වයං නිරෝධායන ක්‍රමවේද සහ ආසාදිතයන් සෙවීමට නොමිලේ සිදු කරන පරීක්ෂණ ද නවතා දැමෙනු ඇත.
නොමිලේ සිදු කරන ‘කොවිඩ් 19’ පරීක්ෂණ නැවැත්වීම අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද පැවැසෙයි.

‘කොවිඩ් 19’ වසංගතය සමග ජීවත් විය යුතු බවත්, සියලු සීමා ඉවත් කිරීම ඒ අනුව සිදුවනු ඇති බවත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් අග්‍රාමාත්‍ය ජොන්සන් ගත් මෙම තීරණයට කම්කරු පක්ෂය විරෝධය දක්වා ඇත. කම්කරු පක්ෂය යනු බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂ බලවේගයයි.

අග්‍රාමාත්‍යවරයා සිය ජනප්‍රියත්වය වෙනුවෙන් හදිසි තීරණයක් ගත්තේ යැයි කම්කරු පක්ෂයෙන් චෝදනා එල්ල වී තිබේ.

(රොයිටර්)



අදහස් (1)

‘කොවිඩ්’ සීමා ඉවත් කරන්න බ්‍රිතාන්‍ය අගමැති සූදානම්

hesa Tuesday, 22 February 2022 03:21 PM

ආව්..සුපිරියි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site