IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


‘කොවිඩ්’ එන්නත් තෑගි

උතුරු කොරියානුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළ බව එරට නායක කිම් ජොන් උන් පවසයි.

නායක කිම් ජොන් උන් එන්නත් වැඩසටහන ආරම්භ කළේ එය ඔහුගෙන් රට වැසියන්ට හිමිවන ‘වටිනා තෑග්ගක්’ බව ද ප්‍රකාශ කරමිනි. නායක කිම් ජොන් උන්, එරට වැසියන් වෙනුවෙන් එන්නත් වැඩසටහන ආරම්භ කළේ එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රටවැසියන් දැනුවත් කරමින් යැයි ද පැවැසෙයි.

එසේ වුවත් පළමුවෙන් එන්නත් ලබා දීම සිදුවනු ඇත්තේ හමුදා නිලධාරීන් සහ හමුදා සොල්දාදුවන්ටය. උතුරු කොරියාවට එන්නත් ලැබී ඇත්තේ චීනයෙනි.

මේ වනවිට ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවන් උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවරට පැනැවූ සීමා ඉවත් කිරීමට උතුරු කොරියානු රජය තීරණය කර තිබේ. ඒ, සෞඛ්‍ය අංශ උපදෙස් අනුවය.

උතුරු කොරියානු රජය මෙසේ තීරණය කළේ යොංග්යැංග් අගනුවර පමණක් නොව රට පුරා ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී ඇති බැවිනි. කෙසේ නමුත් පැනැවූ සීමා ඉවත් කිරීම සිදුවී ඇත්තේ අගනුවර ආශ්‍රිතව පමණි.

ගතවුණු දින කීහිපය ඇතුළත උතුරු කොරියාවෙන් වාර්තා වනු ‘කොවිඩ් 19’ ආසදිතයන් ගණන 100,710 කි. ඉකුත් සතියේ වාර්තා වූ ආසාදිතයන් ගණන 390,000 ඉක්මවීය. වයිරස ව්‍යාප්තියේ පාලනයක් සිදුවෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසන්නේ මේ නිසාය.

චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඩ් 19’ වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව ඔවුන්ගේ දේශසීමා වසා දැමීය. උතුරු කොරියාව චීනයට, දකුණු කොරියාවට සහ රුසියාවට මායිම් වෙයි.

න්‍යෂ්ටික අවි වැඩසටහන හේතුවෙන් බටහිර සම්බාධක මැද හුදෙකලා වූ උතුරු කොරියාව, දේශසීමා වසා දැමීමත් සමදේශසීමා වසා දැමීමත් සමඟ තවත් ලොවෙන් හුදෙකලා විය.

කෙසේ නමුත් පසුගිය අප්‍රේල් මාසය වනතුරු උතුරු කොරියාවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත. අප්‍රේල් මාසයේ උතුරු කොරියාව පුරා උණ රෝගයක් ව්‍යාප්ත විය. එම උණ රෝගය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ බව පසුව තහවුරු විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

‘කොවිඩ්’ එන්නත් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 543 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site