ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මහත්මිය ‘කොවිඩ් 19’ ආසදනය මුම්බායි රෝහලක සැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
92 හැවිරිදි ලතා මංගේෂ්කාර් මහත්මිය ඇතුළත් කෙරුණේ මුම්බායි නුවර ‘බ්‍රිච් කැන්ඩි’ රෝහලටය. ඒ, ‘කොවිඩ් 19’ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු ඇය ආසාදිතයකු බව තහවුරු වීමෙනි.
ලතා මංගේෂ්කාර් මහත්මියට ඇත්තේ සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පමණක් බවත්, වෛද්‍යවරුන් ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ ඇගේ වයස කෙරෙහි අවධානය යොමු කරමින් බවත් මංගේෂ්කාර් මහත්මියගේ ඥාති දියණිය රචානා ෂා මාධ්‍ය හමුවේ තහවුරු කර ඇත.
ලතා මංගේෂ්කාර් මහත්මිය වඩාත් ප්‍රකට චිත්‍රපට පසුබිම් ගායිකාවක ලෙසිනි. ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා 31 කින් සහ විදෙස් භාෂාවන්ගෙන් ද ගීත 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගායනා කර තිබේ. ලතා මංගේෂ්කාර් මහත්මිය සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබේ. ඒ, ‘සැඩ සුළං’ චිත්‍රපටය සඳහාය.
2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් භාරත රත්න සම්මානය පිරිනමන ලදී. ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් 1969දී ඇය පිදුම් ලබා ඇත. ෆිල්ම්ෆෙයාර් ඇතුළු විවිධ දේශීය සහ විදේශීය සම්මාන උලෙළවලදී ඇයට 40කට අධික සම්මාන ප්‍රමාණයක් ලැබී ඇත.
ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබඳ ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘කොවිඩ්’ ආසාදනය වී ලතා මංගේෂ්කාර් රෝහලේ
දාස Tuesday, 11 January 2022 04:00 PM
කෝටි ගණන් රසිකයින් වශීකළ හඬ රැගත් මෙතුමියව ඉක්මනින්ම සුවපත් වේවා...!!!
L laksiri perera Tuesday, 11 January 2022 09:44 PM
ආයුබෝවන් ඔබට හොඳ වෙන්න අපි ආශිර්වාද කරනවා.
p.d goonawardena Wednesday, 12 January 2022 08:53 AM
ඉක්මන් සුවය ලැබේවා.....
SREENIMAL . n,w.p. Wednesday, 12 January 2022 11:56 AM
ඔබ තුමියට දෙර්ඝායු වේවා.!
Bunny Preena Thursday, 13 January 2022 09:14 AM
ගීත කෝකිලාවිය ඔබට ඉක්මන් සුවය