කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් හැත්තෑ දෙදෙනකු අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. විවිධ ප‍්‍රශ්න හේතුවෙන් රැකියා අහිමි වූ හෝ රැකියාස්ථාන වලින් පලා ආ පිරිස් මේ අතර වෙතැයි එරට ශ්‍රී ලංකා තානාපති, කාර්යාලය පවසයි. කුවේට් හි ශ්‍රී ලංකා තානාපති සී,ඒ.එච්.එම්. දිසානායක මහතා එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම පිරිස කුවේට් රජයේ වියදමින් මෙරටට එවීමට කටයුතු කොට තිබේ. මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිස ශ්‍රී ලංකාවට එවීමට කුවේට් ගුවන් සේවයේ අනුග‍්‍රහයද ලැබුණු බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (19) පැවසීය. තවත් ශ්‍රී ලාංකිකයන් 450 ක් පමණ දෙනා තානාපති කාර්යාලයේ රැකවරණ නිවාසයේ රැඳී සිටින බවද එම නිලධාරීයා තව දුරටත් සඳහන් කළේය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුවේටයේදී ප‍්‍රශ්න ඇතිවූ ලාංකික කාන්තාවෝ 70 ක් අද ආපසු එති