IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘කොවිඞ් 19’ අවදානම පහව ගිහින් නෑ

‘කොවිඞ් 19’ අවදානම තවමත් පහව ගොස් නොමැති බවත්, ‘කොවිඞ් 19’ වසංගතය තවමත් ගෝලීය හදිසි තත්ත්වයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පැවැසුවේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධාන, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ලොව නන්දෙසින් ලැබුණු දත්ත විශ්ලේෂණය කරමින් තීරණය කර ඇත්තේ, ‘කොවිඞ් 19’ වසංගතය අවසන් බව දැන්ම නිවේදනය කළ නොහැකි බවය. ජිනීවා නුවර මාධ්‍ය හමුව පැවැත්වූයේ ඒ බව දැනුම් දීමටය.

‘කොවිඞ් 19 වසංගතය අවසන් යැයි දැන්ම කියන්න බැහැ. ඒත් ලැබෙන දත්ත අනුව අපට කියන්න පුළුවන් වයිරසයෙන් එල්ල වුණු බිහිසුණු බලපෑම ඉතා වේගයෙන් අඩුවෙනවා. කොවිඞ් 19 සම්බන්ධයෙන් ප්‍රකාශයට පතක කළ හදිසි තත්ත්වය ඉක්මනින් ඉවත් කරන්න අපට හැකිවේවි’ යැයි මාධය හමුවේ දී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පැහැදිලි කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

‘කොවිඞ් 19’ අවදානම පහව ගිහින් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site