IMG-LOGO

කැලිෆෝනියාවේ ලැව්ගිනි නිවීමට දෙන මුදල් ට්‍රම්ප් කපාහරී

කැලිෆෝනියා ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි නිවීම සඳහා මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් කපාහරින බවට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාට තර්ජනය කර තිබේ.

පසුගිය සති කිහිපයේ ලැව්ගිනි හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 100000කට අධික ප්‍රමාණයක් විනාශ වූ අතර දහස්ගණන් පිරිස් නිවාස වලින් ඉවත් කරනු ලැබූහ.‍

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් මහතා  වන කළමනාකරණයේ දී ඉතා අවලක්ෂණ කර්තව්‍යයක් ඉටුකළ බවට ඇමෙරිකානු ජනපතිවරයා චෝදනා කරයි.

"සෑම වසරකම කැලිෆෝනියාව ගින්නෙන් දැවෙන විට මධ්‍යම රජයෙන් උදව් ඉල්ලනවා. තවදුරටත් මුදල් ආධාර ලබා දෙන්නේ නැහැ. ආණ්ඩුකාරවරයා ලෙස ඔබේ වගකීම් ඉටුකරන්න."යැයි ට්‍රම්ප් මහතා ට්විටර් පණිවුඩයකින් පවසා ඇත.

ඇමෙරිකානු ජනපතිවරයාගේ පාරිසරික ප්‍රතිපත්ති දැඩිලෙස විවේචනයට ලක්කරන නිව්සම් මහතා පවසා ඇත්තේ ට්‍රම්ප් දේශගුණික විපර්යාස  විශ්වාස නොකරන බවයි.  

කැලිෆෝනියා ලැව්ගිනි වලට ප්‍රධානම හේතුව වන්නේ ගෝලීය උණුසුම ඉහල යෑම බව පාරිසරික විද්‍යාඥයෝ පවසති.

 

(බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (3)

කැලිෆෝනියාවේ ලැව්ගිනි නිවීමට දෙන මුදල් ට්‍රම්ප් කපාහරී

රවින් Monday, 04 November 2019 11:55 AM

ඔය කියන කෙනාගේ මන්දිරයක් කැලිෆෝනියාවේ තියනවාලු නේද? ඒ පැත්තට ගින්න පැතිරෙන්න ඉඩ අරින්න... එතකොට අපූරුවට මුදල් අනුමත කරයි. මෑන්ස්ට තේරෙන්නේ කිම් ඉල්ගේ භාෂාව විතරයි. නැතිනම් හැම එකාටම පෙනේ දානවා...

:       2       2

රවින් Monday, 04 November 2019 11:55 AM

ඔය කියන කෙනාගේ මන්දිරයක් කැලිෆෝනියාවේ තියනවාලු නේද? ඒ පැත්තට ගින්න පැතිරෙන්න ඉඩ අරින්න. එතකොට අපූරුවට මුදල් අනුමත කරයි. මෑන්ස්ට තේරෙන්නේ කිම් ඉල්ගේ භාෂාව විතරයි.

:       0       0

Kumar Tuesday, 05 November 2019 03:03 AM

මේ රටේ ජනාධිපතිට කැලිෆෝර්නියාවේ නිවසක් නැති බව නම් කියන්න ඕනෙ. පසුගිය මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබුන නිසා කැලිෆෝර්නියාව එක්ක හරිම තරහයි. පසුගිය කාලයේ ගින්නෙන් පිළිස්සී ගියේ ජනාධිපතිට සහය දෙන ප්‍රදේශවල අයගේ දේපොළ සහ නිවාසයි. ඒ ගිනිවලට මුලිකවී ඇත්තේ තද සුළං නිසා අධිබල විදුලි රැහැන් මත ගස් කඩා වැටීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 702 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 507 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site