
දකුණු කේරළයේ, වයනාද් දිස්ත්‍රික්කයේ, අලුයම හටගත් නායයෑම්වලින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් නායයෑම් හටගත්තේ, මෙප්පාඩි සහ චූරල්මලයි ප්‍රදේශවල ගම්මාන යැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
නායයෑම් හටගනිද්දී ගම්වැසියන් බොහෝ දෙනකු නිවෙස්වල නිදාගෙන සිටි බවත්, වැඩිදෙනා පණ පිටින් වැලළී ගිය බවත් පැවැසෙයි.
පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇති බවත්, එම මෙහෙයුම්වලට ද බාධා එල්ල වී ඇත. 50 කට වැඩි පිරිසක්, පස් සහ මඩ තට්ටු අතරේ සිරවී සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
165
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේරළයේ නායයෑමක්: 19 ක් පණ පිටින් වැලළෙති