IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කර්සායි තලේබාන් සමඟ එක්වෙයි

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වන හමීඩ් කර්සායි තලේබාන්වරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත්, තලේබාන්වරුන් පිහිටුවන නව රජය සමඟ එක්වීමට කර්සායි සූදානම් වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

හමීඩ් කර්සායි යනු, අෂ්රාෆ් ඝානීට පෙර, බටහිර අනුග්‍රහයෙන් ස්ථාපිත කළ ඇෆ්ගන් රජයේ ජනාධිපතිවරයාය. ජනාධිපති ධුරයේ සිටිද්දීත්, ඉන්පසුවත් තලේබාන් සංවිධානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමටත් ඔවුන් දේශපාලන සම්බන්ධ කර ගැනීමටත් උත්සාහ කළ අයකු ලෙස කර්සායි සැලකෙයි.

පසුගිය කාලයේ තලේබාන්වරුන් සමඟ සාම වැඩපිළිවෙළක් පිළිබඳ කර්සායිගේ මැදිහත් වීමෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද ඉන්දීය පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානයට සම්බන්ධ 'හක්කානී' ජාලයේ නායකයකු වන අනාස් හක්කානී සහ කර්සායි අතර හමුවක් පැවැත්විණි. ඊට කර්සායි සමඟ අබ්දුල්ලා අබ්දුල්ලා ද එක් විය. අබ්දුල්ලා අබ්දුල්ලා යනු පලා ගිය ජනාධිපති අෂ්රාෆ් ඝානීගේ රජයේ තලේබාන් සාම නියෝජිතයා ලෙස කටයුතු කළ තැනැත්තාය.

තලේබාන් සන්නද්ධ අංශ ශක්තිමත් කිරීමට අවි ආයුධ මිලදී ගැනීම සිදු කරන්නේත්, තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු සියල්ල බාරව කටයුතු කරන්නේත් මෙම 'හක්කානී' ජාලයයි.

(රොයිටර්)



අදහස් (0)

කර්සායි තලේබාන් සමඟ එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site