IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොරියාවේ දී 6000ක් විවාහ කරවති

දකුණු කොරියාවේ මතබේදයට තුඩු දුන් එක්සත්කමේ දේවස්ථානය නමින් හඳුන්වන නිකායක් විසින් තරුණ යුවළ 3000ක් එකවිට විවාහ කරවීමේ දැවැන්ත විවාහ උත්සවයක් පවත්වා ඇත. මේ විවාහ සිදුකර ඇත්තේ සෝල් නගරයට ඊසාන දිග ගැපෙයොන් හි පිහිටි එම නිකායේ මූලස්ථානයේ දී ය. එකවිට විවාහ වූ මේ තරුණ තරුණියන් 6000ක් දෙනා ලොව විවිධ රටවලින් පැමිණි අනුගාමිකයෝය. 

විවාහ වූ මේ යුවල අතරින් බොහෝ දෙනකු එකිනෙකා මුණගැසී ඇත්තේ විවාහ උත්සවයට දින කිහිපයකට පෙර වීම ද විශේෂයකි. මොවුන් එකිනෙකා හඳුන්වා දී ඇත්තේ ද පල්ලියේ බලධාරීන් විසිනි. මෙවැනි දැවැන්ත විවාහ 1960 සිට වරින් වර මේ නිකාය විසින් සිදුකර තිබීම ද විශේෂත්වයකි.

මේ නිකාය ආරම්භ කර ඇත්තේ සන් මියොන් මූන් නමැති අයකු විසිනි. ඔහු මිනිසුන්ගේ මොළ ශෝධනයට ලක්කරන්නේ යැයි චෝදනා එල්ල වී තිබිණි. ඔහු 2013 වර්ෂයේ දී මියගිය අතර ඒ වනවිට 92 වැනි වියේ පසුවූයේය.

මේ නිකායේ අනුගාමිකයන් හඳුන්වන්නේ ද මූනිස් නමිනි. ඔවුහු තම නිකායේ ආරම්භකයා දේවත්වයෙන් සලකති. එම නිකාය විවේචනය කරන්නන් පවසන්නේ ඔහු වංචා කරුවකු බවයි.

මූන් ගේ වැන්දඹු බිරිඳ අලුතෙන් විවාහ පත් සියළුම ජෝඩුවලට ආශිර්වාද කළාය.



අදහස් (0)

කොරියාවේ දී 6000ක් විවාහ කරවති

අබ්දුල් Sunday, 21 February 2016 03:44 AM

අහන්නත් ආසයි (නි)

:       0       0

යොහාන් Sunday, 21 February 2016 03:52 AM

මෙහෙම දෙයක් ඇහුවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 568 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2266 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site