IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොරියන් සෙබළු 30 ක් යුද්ධයෙන් මැරිලා

රුසියාවට සහාය දක්වමින් රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් බොහෝ දෙනකු මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් සෙබළුන් කීප දෙනකු තුවාල ලබා සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු කොරියානු සෙබළුන් මියගොස් ඇත්තේ, රුසියාවේ කුර්ක්ස් දේශසීමා ප්‍රදේශයේ පැවැති සටන්වලදීය. යුක්රේන බුද්ධි අංශ පවසන ආකාරයට මියගිය උතුරු කොරියානු සෙබළුන් ගණන 30 කට වැඩිය. කෙසේ නමුත්, රුසියාව හෝ උතුරු කොරියාව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත. රුසියන් යුක්රේන යුද්ධයට මැදිවී සිටින උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 11,000 කි.

රුසියාව සහ උතුරු කොරියාව අතරේ සමීප මිතුදම් පවතී. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනටත්, එරට අභ්‍යවකාශ වැඩසටහනටත් අනුග්‍රහය දක්වන්නේත් සහාය දක්වන්නේත් රුසියාවය. රුසියන් ජනාධිපති  ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පවතින මෙම හිතවත්කම නිසාය.



අදහස් (0)

කොරියන් සෙබළු 30 ක් යුද්ධයෙන් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site