දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට පහරදෙන බවට උතුරු කොරියාව දිගින් දිගටම තර්ජනය කිරීමත් සමඟ කොරියානු අර්ධ ද්වීපයේ හටගෙන ඇති ‘නොසන්සුන්කාරී’ තත්ත්වය කඩිනමින් අවසන් කිරීමට සැවොම එකමුතුව කි‍්‍රයා කළ යුතු බවත්, එසේ නොවුණහොත් මුළු මහත් ආසියානු කලාපයම අවුල් ජාලයක් වනු ඇති බවත් චීන නව ජනාධිපති සී ජිංපින් බිය පළ කරයි.
චීන නව ජනපතිවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (7) ඇරැඹුණු වාර්ෂික ජාත්‍යන්තර ආර්ථික සමුළුව ඇමැතූ අවස්ථාවේදීය.
-”ආසියානු කලාපයේ ස්ථාවරත්වයට අලූත් අභියෝග එල්ල වෙලා. ඇමෙරිකාවේත් දකුණු කොරියාවේත් උතුරු කොරියාවේත් පටු අරමුණු නිසා කලාපයේ ස්ථාවරත්වය නැති වීමට ඉඩ දිය යුතු නැහැ” යැයි ජනපති සී ජිං පින් එම අවස්ථාවේදී අවධාරණය කළේය.
උතුරු කොරියාවෙන් එල්ල වන එම තර්ජන සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කසන්නල්ලට පත් ව සිටින බවත්, උතුරු කොරියාවේ සිටින චීන තනාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට උතුරු කොරියානු රජය කටයුතු කළ යුතු බවත් ජනපති සී ජිං පින් වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරියන් අර්බුදය අවසන් කරන්න එකමුතු නොවුණොත් ආසියාව අවුල් ජාලයක් වේවි