‘කොවිඩ් 19’ වසංගතය ඉතා සාර්ථකව පාලනය කරගත් රටක් ලෙස සැලකෙන භූතානයෙන්, සිවුවැනි ‘කොවිඩ් 19’ මරණය වාර්තා වීමත් සමඟ එරට අග්‍රාමාත්‍ය ලෝටේ ෂෙරිංග් ඒ ගැන දැඩි ලෙස ශෝකයට පත් විය.
අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ, රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට හැකි සෑම දෙයක්ම කරන නමුත්, එක් මරණයක් හෝ වාර්තාවීම කනගාටුවට කරුණක් බවය.
‘කොවිඩ් 19 මරණයක් සිදුවුණු බව මට අසන්න ලැබුණාම මා දැඩි ලෙස කම්පනයට පත් වුණා. ඒක හරියට වෙඩි උණ්ඩයක් වැදුණා හා සමානයි. හරිම වේදනාවක්. මේ වනතුරු අපට බොහොම හොඳින් අපේ වැසියන් ආරක්ෂා කර ගත්තා. කොරෝනාවලින් ඔවුන් රැකබලා ගත්තා. සිවුවැනි මරණය ලෙස මාස ගණනකින් මේ මරණය අසන්න ලැබුණාම මා දුක් වූයේ ඒ නිසයි. මේ මරණය අපට යළිත් ඒත්තු ගැන්නුවා කොවිඩ් 19 බිහිසුණු බව’ යැයි භූතාන අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පැහැදිලි කර තිබේ.
භූතාන අග්‍රාමාත්‍ය ධුරය හොබවන ලෝටේ ෂෙරිංග්, භූතානයේ සිටින ජනතා ප්‍රසාදය දිනූ දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු ද වෙයි. ෂෙරිංග්, සති අන්තයේ සැත්කම් සිදු කරන බව ද පැවැසෙයි.
ඉන්දියාවට සහ චීනයට මැදි වූ භූතානයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වීමට පටන් ගැණුනේ මීට වසර දෙකකට පෙර සිටය. භූතානයේ ජනගහනය ලක්ෂ 8 ක් වන අතර, මේ දක්වා වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 5,000 කි. සිවුවැනි ‘කොවිඩ් 19’ මරණය වාර්තා වූයේ පසුගිය 29 වැනිදා යැයි සෞඛ්‍ය අංශ කියයි.
භූතානයට ඉන්දියාවෙන්, චීනයෙන්, ඇමෙරිකාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී ඇත. භූතාන සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ එරට වැඩිහිටි ජනගහනයෙන් සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව ද පැවැසෙයි.
කෙසේ නමුත් පසුගිය දින කීපය පුරා භූතානයේ ‘කොවිඩ් 19‘ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළේය. ඊට හේතුව ‘ඔමික්‍රෝන්’ යැයි භූතාන සෞඛ්‍ය අංශ පවසයි. ගතවුණු පැය 24 ඇතුළත භූතානයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 205 ක් බව ද සෞඛ්‍ය අංශ පැහැදිලි කළේය. මෙය භූතානයෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන යැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2287
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා මරණයක් නිසා භූතානයේ අගමැති දුකෙන්