බංග්ලාදේශය වැසියන්, 'කොවිඩ් 19' වසංගතයට අමතරව ඩෙංගු වසංගතයකින් ද බැටකන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ ඩෙංගු ආසාදිතයන් ගණන 330 ක් බව එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් ගණන 10,981 කි. වාර්තා වන සමස්ත ඩෙංගු මරණ ගණන 48 කි. මෝසම් වැසි සමයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය සාමාන්‍ය දෙයක් වන නමුත්, විටින් විට ඩෙංගු වසංගත තත්ත්වයන් නිර්මාණය වෙයි. 2019 වසරේ වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 80,000 කි. මරණ වාර්තා වූයේ 67 ක් ලෙසය.
මේ වනවිට බංග්ලාදේශයෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මිලියන 1.5 කි. සමස්ත මරණ වාර්තා වන්නේ 26,362 ක් ලෙසය. අගෝස්තු මාසයේ දෛනිකව ආසාදිතයන් 10,000 ඉක්මවා වාර්තා වූ නමුත් සංචරණ සීමා පැනැවීම සහ එන්නත්කරණය හේතුවෙන් මේ වනවිට දෛනික ආසාදිතයන් වාර්තා වන්නේ 5,000 සීමාවට පහළිනි.
(ඒ.එෆ්.පී)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කොරෝනා මදිවට බංග්ලාදේශයේ ඩෙංගු