IMG-LOGO

කොරෝනා නසන පොළොං විෂ

බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ 'ජරාරකුස්සු' නමැති වැලි පොළොං විශේෂයයි. බ්‍රසීලයට ආවෙණික විශාලතම පොළොං විශේෂය මෙයයි.

පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම පර්යේෂණයට දායක වී ඇත්තේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය. 'කොවිඩ් 19' වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.

සොයා ගත් නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කොරෝනා නසන පොළොං විෂ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 389 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 193 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site