IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ගැන නොසිතා දෛනික කටයුතු දිගටම

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් සේ සලකා, දෛනික කටයුතු සුපුරුදු පරිදි කරගෙන යෑමට ජනතාව ඉඩ ලබාදීමට සිංගප්පූරු බලධාරීන් තීරණය කර තිබේ.

කොවිඩ් 19 වසංගතය කිසිදා ලොවෙන් තුරන් නොවනු ඇති බැවින්, කළ යුතු වන්නේ ඊට අනුගත වෙමින් ජීවත් වීම යැයි 'නව සාමාන්‍යකරණයක්' සඳහා මාර්ගෝපදේශ හඳුන්වා දෙමින් සිංගප්පූරු 'කොවිඩ් 19' කාර්ය සාධක බළකාය පෙන්වා දී ඇත.

ඒ අනුව මින් ඉදිරියට සිංගප්පූරුවේ නිරෝධායන ක්‍රියාවලියක් සිදු නොවනු ඇති අතර, කාර්යාල කටයුතු, ව්‍යාපාර කටයුතු ඇතුළු සියලු දේ සාමාන්‍ය පරිදි පැවැත්වෙයි. ජනතාවට කිසිදු බාධාවකික් තොරව ඒකරාශී වීමට ද අවස්ථාව ලැබේ.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හුදෙලකා කිරීමක් හෝ දෛනිකව ආසාදියන් සහ මරණ වාර්තා කිරීමක් සිදු කරන්නේ ද නැත. ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව වේගයෙන් ක්‍රියාත්මක කිරීම දිගටම සිදුවන බවත්, ආසාදිතයන් සොයා සිදු කරන පරීක්ෂණ, ලබා දෙන ප්‍රතිකාර කිසිදු අඩුවක් නොමැතිව දිගටම සිදුවනු ඇතැයි පැවැසෙයි.

සිංගප්පූරු වෙළෙඳ අමාත්‍ය ගැම් කිම් යොංග්, මුදල් අමාත්‍ය ලොරෙන්ස් වොංග් සහ සෞඛ්‍ය අමාත්‍ය කොංග් යේ කුංග් එක් වී සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම නව මාර්ගෝපදේශ සමස් කර ඇති අතර, අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු සිංගප්පූරු කොරෝනා කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ එක් වී මාධ්‍ය හමුවක් පවත්වමින් එම මාර්ගෝපදේශ ජනතාවට හඳුන්වා දුන්හ.

'වසංගතය ආරම්භ වෙලා මාස 18 කට වැඩියි. සිංගප්පූරු වැසියන් හැටියට අප කවුරුත් වයිරස වසංගතයට එරෙහි සටනින් දැඩි ලෙස හෙම්බත් වී සිටිනවා. කවුරුත් අහන්නේ එක ප්‍රශ්නයයි. මේ වසංගතය අවසන් වෙන්නේ කවදාද යන්නයි. අවාසනාවකට කොවිඩ් 19 වසංගතය අවසන් වෙන්නේ නැහැ. අවසානයක් ගැන බලාපොරොත්තු තබා ගන්නත් බැහැ. අප කළ යුත්තේ අප හඳුන්වාදෙන මෙම නව සාමාන්‍යකරණයට අනුව ජීවත් වීමයි. මෙම නව මාර්ගෝපදේශ අනුව ජීවත් වීමට නම් සිංගප්පූරු වැසියන් හැමෝම වගකීමෙන් යුතුව එකා මෙන් කටයුතු කළ යුතුයි' යැයි සිංගප්පූරු සෞඛ්‍ය ඇමැති කොංග් යේ කුංග් එම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

සිංගප්පූරුව තුළ සිංගප්පූරු වැසියන් නිරෝධායනයට යොමු නොකළත්, සිංගප්පූරු දේශසීමා ආරක්ෂාව තර කරමින්, සිංගප්පූරුවට පැමිණෙන විදේශිකයන් පරීක්ෂාවට ලක් කෙරෙයි. ඒ, 'ඩෙල්ටා' වැනි බිහිසුණු වයිරස විකෘති ප්‍රභේද හඳුනා ගැනීම සහ එවැනි ප්‍රභේද සිංගප්පූරුවට ඇතුළවීම වළක්වා ගැනීමටය.

පී.සී.ආර් පරීක්ෂණ හරහා ප්‍රතිඵල ලබා ගැනීමට පැය 48 ක් පමණ ගතවන බැවින්, ආසාදිතයන් ඉක්මණින් හඳුනා ගැනීමේ නව ක්‍රමවේද හඳුන්වා දෙන බවත් ගුවන්තොටුපොළ, නාවික තොටුපොළ, කාර්යාල ගොඩනැගිලි, පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන, සුපිරි වෙළෙඳ සංකීර්ණ, රෝහල් ආදියේ ආසාදිතයන් සෙවීමේ පහසු මෙන්ම වේගවත් පරීක්ෂණ ක්‍රියාවට නංවන බව මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරුන් තිදෙනා වැඩි දුරටත් පැහැදිලි කළේය. කොරෝනා ආසාදිතව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කරන සිංගප්පූරු වැසියන්ට, ඔවුන්ගේ සංකූලතා අනුව, අවශ්‍ය ඖෂධ ලබා දීම සිදු කරන බවත්, අවශ්‍ය ඖෂධ සෑම රෝහලකටම ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරු මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්හ.

ආසියාවට අයත් සිංගප්පූරුවේ ජනගහනය 5,685,000 කි. සිංගප්පූරුවට අයත් වන්නේ වර්ග කිලෝ මීටර් 728 ක භූමි ප්‍රදේශයකි. සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන්නේ ඒකීය අධිපති-පක්ෂ පාර්ලිමේන්තු ව්‍යවස්ථාවකි. ලී සියැං ලූන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන අතර ජනාධිපති ධුරය හොබවන්නේ හලීමා යාකොබ්ය.

සිංගප්පූරුවෙන් වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 62,544 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 36 ක් ලෙසය. සිංගප්පූරුවේ මිලියන 5 කට එන්නත් ලබා දී ඇති අතර, එන්නත් මාත්‍රා දෙකට ලබාගෙන ඇති ගණන මිලියන 2 කි. ප්‍රතිශතයක් වශයෙන් සිංගප්පූරුවේ සියයට 36.1 ක් සම්පූර්ණයෙන් එන්නත් කර අවසන් යැයි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

සිංගප්පූරුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කළේ 2020 දෙසැම්බර් 30 වැනිදාය. ඇමෙරිකාවේ 'ෆයිසර්' එන්නත සහ 'මොඩර්නා' එන්නත සිංගප්පූරු වැසියන්ට ලබා දීම සිදුවෙයි. පෞද්ගලික රෝහල් හරහා 'සිනොවැක්' එන්නත ද ලබා ගැනීමට හැකිය. සිංගප්පූරුවේ අවුරුදු 12 ත් 18 ත් අතර දරුවන් ලබා දෙන්නේ 'ෆයිසර් එන්නතය.

(Daily FT)



අදහස් (1)

කොරෝනා ගැන නොසිතා දෛනික කටයුතු දිගටම

Sri Lanka Wednesday, 30 June 2021 04:04 PM

ඔන්න හැදෙන රටවල් .., ඒකට අපේ රට, කොරෝනා වවන් කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site