IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයන් ගණන මිලියනයක්

උතුරු කොරියාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන මිලියනය පසු කළේය. උතුරු කොරියානු රජයේ, ‘වසංගත රෝග වැළැක්වීමේ මූලස්ථානය’ නිකුත් කළ නිල දත්ත අනුව, එරටින් වාර්තා වූ සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,483,060 කි.

ගතවුණු පැය 24 ඇතුළත කොරෝනා ආසාදිතයන් 2,69,510 දෙනකු වාර්තා වූ බව ද ‘වසංගත රෝග වැළැක්වීමේ මූලස්ථානය’ වැඩි දුරටත් පවසා ඇත.

ගතවුණු පැය 24 ඇතුළත සිදුවුණු ‘කොවිඩ් 19’ මරණ ගණන 6 කි. ඒ අනුව සමස්ත ‘කොවිඩ් 19’ මරණ ගණන 56 තෙක් ඉහළ ගොස් ඇත. මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ලැබී තිබේ.

මේ වනවිට උතුරු කොරියාවේ පළාත් සියල්ලෙන්ම පාහේ ආසාදිතයන් වාර්තා වෙයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පැනැවූ සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ වී ඇත.

එහෙයින්, දීපව්‍යාප්ත ‘කොවිඩ් 19’ වසංගතයකට මුහුණ දීම උතුරු කොරියාවට අපහසු වී ඇතැයි බටහිර මාධ්‍ය පෙන්වා දෙයි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ, උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට උතුරු කොරියානුවන් අතරේ උණ රෝගයක් සීඝ්‍රයෙන් පැතිර යෑම ඇරැඹිණි. නිසි පරීක්ෂණ කට්ටල නොමැති බැවින්, එම උණ රෝගය හරිහැටි හඳුනා ගැනීමට උතුරු කොරියානු සෞඛ්‍ය අංශ අපොහොසත් විය.

උණ රෝගය ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය යැයි තහවුරු වෙද්දී, වයිරස ව්‍යාප්තිය රට පුරා ව්‍යාප්තවී අවසන් විය.
උතුරු කොරියාවේ ජනගහනය මිලියන 25 කි. ‘කොවිඩ් 19’ වයිරසය 2019 වසරේ ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව එරට දේශසීමා වසා දමා ලොවෙන් තව තවත් හුදෙකලා විය. ඒ අනුව, මෙම අප්‍රේල් මාසය වනතුරු කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත.

‘කොවිඩ් 19’ ව්‍යාප්තියත් සමඟ රට වසා දැමුණු බැවින්, ආධාර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, චීනයෙන් සහ රුසියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු එන්නත් පවා ප්‍රතික්ෂේප කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජය තීරණය කළේය. ඒ අනුව, උතුරු නොරියානුවන් කිසිවකුටවත් එන්නත් ලැබී නැත.

(රොයිටර්)



අදහස් (0)

කොරෝනා ආසාදිතයන් ගණන මිලියනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 552 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2260 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site