IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කර්ණාටක මැතිවරණය: මෝදි පරදී: රාහුල්ට ජය

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට බලය අහිමි විය. ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට සමත් වූයේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ බලවේගය ලෙස සැලකෙන, රාහුල් ගාන්ධිගේ ‘කොංග්‍රස්’ පක්ෂයට නතු විය.

ඉන්දීය මහ මැතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර, දිගටම බලයේ රැඳී සිටීමට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අපේක්ෂා කරයි.

එවැනි තත්ත්වයක් යටතේ, දේශපාලනික වශයෙන් ඉතා වැදගත් ප්‍රාන්තයක් ලෙස සැලකෙන කර්ණාටක ප්‍රාන්තයේ බලය අහිමි වීම භාරතීය ජනතා පක්ෂය ලැබූ පසුබෑමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ ජනගහනය මිලියන 60 කි. පසුගිය 10 වැනිදා මැතිවරණය පැවැත්වූයේ ආසන 224 ක් සමන්විත කර්ණාටක මන්ත්‍රණ සභාවට නියෝජිතයන් තෝරා ගැනීමේ අරමුණින්ය. ඊයේ (13) මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය ආසන 114 ක් දිනාගෙන සිටියේය.ෙ

මාස හයක කාලයක් ඇතුළත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ලැබූ දෙවැනි පරාජය මෙය යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි. පසුගිය දෙසැම්බරයේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය පැවැත්වුණු අතර එයින් ද මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට පරාජය අත්විය.

(රොයිටර්)



අදහස් (0)

කර්ණාටක මැතිවරණය: මෝදි පරදී: රාහුල්ට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 244 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site