IMG-LOGO

කරච්චි නුවර රෝහලක පාද 6 ක දරු උපතක්

පාකිස්තානයේ කරච්චි නුවර ජාත්‍යන්තර ළමා සෞඛ්‍ය ආයතනයට අයත් රෝහලක පාද හයක් ඇතිව උපත ලැබූ බිලිඳාගේ ජීවිතය බේරා ගැනීමට එහි වෛද්‍යවරු ඉමහත් වෙහෙසක් දරති. විකිරණ තාක්ෂණ ශිල්පියකු වන ඉම්රාන් ෂාහිල් නැමැත්තාගේ බිරිය මෙම අසාමාන්‍ය දරුවා බිහි කර ඇත්තේ මීට සතියකට පමණ පෙරය. මෙවැනි දරුවකු බිහිවීම ඉතා දුර්ලභ සිදුවීමක් බවත්, මෙවැනි දරු උපතක් සිදුවන්නේ මවුවරුන් දස ලක්ෂයකට එක් අයකුට බවත් වෛද්‍යවරු පෙන්වා දෙති. එය අසාමාන්‍ය ජානමය විකෘතියක් නිසා මෙවැනි දරු උපත් සිදුවන බව ද වෛද්‍යවරු පැහැදිලි කරති. එම දරුවා දෙබිඩි දරුවකු බවත්, එක් දරුවකු තවමත් මෝරා නොමැති බවත් වෛද්‍යවරු වැඩි දුරටත් කියා සිටිති. දරුවාගේ ජීවිතය බේරා ගැනීම සැක සහිත යැයි රෝහල් බලධාරීහු පවසති.



අදහස් (0)

කරච්චි නුවර රෝහලක පාද 6 ක දරු උපතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site