IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කරච්චියේ වෙළෙඳ පොළක බෝම්බ 2 ක් පිපිරී 6 ක් මරුට

පාකිස්තානයේ කරච්චි නුවර වෙළෙඳපොළක ඊයේ (19) බෝම්බ දෙකක් පුපුරා ගිය අතර පුද්ගලයෝ 6 දෙනෙක් ඊට බිලිවූහ. විසි පස්දෙනෙක් තුවාල ලැබූහ. මියගිය පිරිස අතර නව හැවිරිදි කුඩා දැරියක ද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බ පුපුරා ගියේ හයිදේරි නමැති වෙළෙඳපොළේය. පළමු බෝම්බය පුපුරා මිනිත්තු තුනකින් දෙවැන්න පුපුරා ගොස් ඇතැයි කරච්චි නුවර පොලිසිය පවසයි. බෝම්බ පුපුරා යද්දී හයිදේරි වෙළෙඳපොළ ජනතාවගෙන් පිරී තිබුණු බවද කරච්චි පොලිස්පති ඉක්බාල් මෙහ්මූද් පවසයි. එක් බෝම්බයක් කසළ බඳුනක ද අනෙක රථ ගාලකද අටවා තිබූ බව පොලිස්පති වැඩි දුරටත් කියා සිටී. ප‍්‍රහාර ගැන  පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතී. බෝම්බ ප‍්‍රහාරවලින් වෙළෙඳසල් සහ මෝටර් රථ කිහිපයකට බරපතළ හානි සිදුවී ඇතැයි පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් කරා ගෙන ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාර ගෙන නැත. එය තලේබාන් හෝ වෙනත් ඉස්ලාමීය සටන්කාමී සංවිධානයක් හෝ එල්ල කළ ප‍්‍රහාරයක් යැයි පොලිසිය විශ්වාස නොකරයි. කරච්චි නුවර ආගමික සහ දේශපාලන ගැටුම් බහුලය. ඊයේ සිදුවුණු එම බෝම්බ ප‍්‍රහාර සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ ආගමික ගැටුමක් විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි.රෝහල් ගත කළ තුවාලකරුවකුට ප‍්‍රතිකාර කරමින් ...



අදහස් (0)

කරච්චියේ වෙළෙඳ පොළක බෝම්බ 2 ක් පිපිරී 6 ක් මරුට

නසාර් Thursday, 20 September 2012 04:59 PM

අවසාන මොහොත මාගේ ලෝක විනාශය දෑස මානේ.... (නි)

:       0       0

අලික් Thursday, 20 September 2012 10:24 AM

මධූ මේක කියෙව්වේ නැද්ද , මට අද මධූගේ අදහස් කියවන්නත් ආසයි.(ස)

:       0       0

මධූ Thursday, 20 September 2012 11:48 AM

දවස ගානෙම කට්ටියට ලොතරැයි ඇදෙනවා‍‍‍...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site