IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කැරකස් නුවර වීථි සංචාරයෙන් පසු චාවේස්ගේ දේහය තැන්පත් කෙරේ

වෙනිසියුලාවේ හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ දේහය ඉකුත් 15 වැනිදා කැරකස් නුවර වීථි සංචාරයෙන් පසුව හමුදා කඳවුරු පරිශ‍්‍රයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි.
හමුදා සෙන්පතියකු ලෙසින් 1992 වසරේදී චාවේස් මෙහෙයවූ අසාර්ථක කැරැුල්ල දියත් කෙරුණේ ද මෙම හමුදා කඳවුරු පරිශ‍්‍රයේදීය. පිළිකා රෝගය හේතුවෙන් මීට දින 10කට පෙර දිවියෙන් සමුගත් චාවේස්ගේ දේහය මෙහි තැන්පත් කෙරුණේ ලක්ෂ ගණනක් වූ වෙනිසියුලානු වැසියන්ගේ ගරුබුහුමන් මැද කැරකස් අගනුවර වීථි සංචාරය කිරීමෙන් අනතුරුවය.
චාවේස්ගේ දේහය දැවැන්ත කුලූනු සහිත කිරිගරුඬ ශාලාවක තැන්පත් කර ඇත. ‘‘හියුගෝ චාවේස්, බොලිවේරියානු විප්ලවයේ උත්තරීතර නායකයා’’ යනුවෙන් ඒ ශාලාවේ පසෙක ශෛලමය පුවරුවක සටහන් තබා ඇත. ජනපති චාවේස් කළ ප‍්‍රකාශ,  ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන නිරූපණය කෙරෙන ඡායාරූප හා ෆිදෙල් කැස්ත්‍රෝගේ ඡායාරූප ද එම ශාලාවේ ප‍්‍රදර්ශනය කර ඇත. 
රුසියාවේ ලෙනින්, චීනයේ මා ඕ සේතුං සහ වියට්නාමයේ හෝ චී මින් ආදී ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන්ගේ දේහ මහජන ප‍්‍රදර්ශනය පිණිස මේ අයුරින්ම සුරක්ෂිතව තබා ඇත. පසුගියදා පැවැති චාවේස්ගේ අවමංගල උත්සවයට රාජ්‍ය නායකයෝ 30කට වැඩි පිරිසක් සහභාගී වූහ. සෙසු ලතින් ඇමෙරිකානු රටවල රාජ්‍ය නායකයන්ට අමතරව කියුබාවේ විප්ලවීය නායක ෆිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ සොයුරු වත්මන් කියුබානු නායක රාවුල් කස්ත්‍රෝ ද අවමංගල්‍යයට සහභාගී වූහ. ලතින් ඇමෙරිකානු රටවලත් කියුබාවේත් චාවේස් හැඳින්වෙන්නේ ‘කස්ත්‍රෝගේ පුත‍්‍රයා’ යනුවෙනි. මීට අමතරව චාවේස් සේම ඇමෙරිකාවට අභියෝගයක් වූ ලෝක නායකයකු වන ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් ද අවමංගල උත්සවයට සහභාගී වූයේය.

දේහය තැන්පත් කර ඇති අයුරු.

 



අදහස් (0)

කැරකස් නුවර වීථි සංචාරයෙන් පසු චාවේස්ගේ දේහය තැන්පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site