IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යුග දිවිය

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්වූහ. 

තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන හේලි ජෙන්සන් කාන්තා බිග් බෑෂ් තරගාවලියේ පළමු අදියර දෙකේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තෙවැනි අදියරේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. නිකොලා ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරගාවලියට එක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ‘ටීම් ග්‍රීන්’ කණ්ඩායම නියෝජනය කරන්නීය.  

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක් සුබ පැතුම් එක් කරන බව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ටීම් ග්‍රීන් කණ්ඩායම ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබිණි. 

එන්.ඩී.ටීවී ඇසුරිනි 

055



අදහස් (9)

ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යුග දිවිය

kumar (gulf) Friday, 19 April 2019 07:35 PM

පාපය නීති ගතකරන ලද යුගයකට ලොව එළඹ ඇත.

:       131       481

anura Saturday, 20 April 2019 07:29 AM

නව ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ මෙහෙත් ඔය වගේ දේවල් සුලභ වේවි...!! ඒ සඳහා ගිරිය පුප්පාගෙන කෑගහන අයගේ වුවමනාවත් මෙවැනි දේවල් කරගැනීමට වන්නට ඕනේ...

:       223       381

du Sunday, 21 April 2019 06:52 AM

යුග දිවියක්? සමාන ලිංගිකයන් දෙදෙනෙකු අතර. විකුර්ති ආශාවන්ගේ ආරම්භය සම්මුතික ලෝකයේ අවසානය නොවේද???

:       168       550

leslie Monday, 22 April 2019 05:37 AM

බොහෝ දරුවන් සාදා චිරාත් කාලයක් වැජඹෙන්න.

:       25       56

tikiri Monday, 22 April 2019 07:48 AM

ඉතින් ඊට පස්සේ ?????

:       7       27

janahitha Tuesday, 23 April 2019 04:38 AM

විවාහය යනු ලිංගික ජීවිතය සහ දරුවන් ලෙස අර්ථගන්වන, අර්ධ ලෙස පරිණාමය උන ගෝත්‍රික මතවාදීන්ට නම් මේක පුදුමයක්, මේක මහා වරදක්.

:       206       47

udaya Tuesday, 23 April 2019 06:15 PM

කවුද තීරණය කලේ විවාහය සිදු විය යුත්තේ ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර කියල. අපි අපිම නීති හදාගෙන අනික් අයට ගරහනවා. ලෝකයේ සිටින හැම දෙනාටම ගෞරව කරන්න ඉගෙන ගන්න. නිකන් බොරුවට හැම දේම දන්නා අය වගේ උඩු බුරන්න එපා.

:       0       1

samantha Monday, 06 May 2019 12:16 PM

ජනහිත අනේ යන්න මෙයා

:       0       0

Anuradha Tuesday, 07 May 2019 06:45 AM

උම්මත්තකයින් මෙය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවත්, සාමාන්‍ය මිනිසුන් මෙය ප්‍රිය නොකරයි. මෙය මානසික විකෘර්තිතාවයක්. බුදු දහම අනුව යමෙක් අධික කාමාශාවෙන් ක්‍රියා කිරීමෙ ප්‍රතිඵලය විකෘති කාමාශාවන් සහිත මනසක් ඇතිව උප්පත්තියකට හේතුවයි. එවන් අයගේ මීළඟ භවය බොහෝවිට නිරයම වේ.

:       0       94

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2435 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site