කියුබාව, ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් නොවන බව පවසමින්, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඩවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඇමෙරිකන් රජය මෙසේ තීරණය කළේ කියුබා රජය විසින් අත්අඩංගුවේ සිටි සිරකරුවන් 553 දෙනකු පනිදහස් කරමිනි. මෙම 553 දෙනා විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයන් බව පැවැසෙයි.
මෙම පිරිස මීට සිවු වසරකට පෙර, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුරේ දී අත්අඩංගුවට ගත් අය බව ද විදෙස් පුවත් සේවා පැහැදිලි කර ඇත.
ඔබාමා පරිපාලනය පැවැති අවදියේ, වත්මන් ජනාධිපති බයිඩන්, ඔබාමාගේ දෙවැනියා මෙන්ම ඇමෙරිකන් උප ජනාධිපති ලෙස කටයුතු කළේය. ඔබාමාගෙන් පසු බලයට පත් වූයේ ට්‍රම්ප්ය.
දැන් ට්‍රම්ප් යළිත් බලයට පත් වී සිටින අතර ඔහු ලබන 20 දිවුරුම් දෙනු ඇත.
ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී, කියුබාව සතුරකු සේ සැලකුවේය. කියුබාව, ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් ලෙස නම් කරමින් එම ලැයිස්තුවට ඇතුළත් කළේය. ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බයිඩන් එම තීරණය වෙනස් කරමින් කියුබාවට පවසා ඇත්තේ කියුබාව ගමන් කරන දිශාව ගැන ඇමෙරිකාවේ පැහැදීමක් ඇති බවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කියුබාව ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ නෑ