
කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ඊයේ (6) සිට ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට කියුබාවය.
ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්, මිලියන 11.2 ක ජනගහනයක් වෙසෙන, කොමියුනිස්ට් රාජ්‍ය්‍යක් ද වන කියුබාව, එරට වැසියන් සඳහා ලබා දෙන්නේ එරට විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවිඩ් 19' එන්නතය. කියුබානු විද්‍යාඥයන් 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකක් නිපදවා ඇති අතර ඒවා ඉතා සාර්ථක බව පැවැසෙයි.
එම එන්නත් නම් කර ඇත්තේ 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනුවෙනි. මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කිසිවක් මෙතෙක් සිදුවී නැති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය පවා යොමු වී නැත. 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනු ලතින් ඇමෙරිකා කලාපීය රටක නිර්මාණය කළ පළමු එන්නත් දෙකය. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය.
'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් කියුබාවේ පාසල් 2020 මාර්තුවේ සිට වසා දමා තිබේ. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යෑමට කියුබානු රජය බලාපොරොත්තු වෙයි.
'අබ්ඩාලා' සහ 'සොබර්නා' එන්නත් කුඩා දරුවන්ට ලබා දීම ආරම්භ වූයේ එම එන්නත් සම්බන්ධයෙන් සිදු කළ සියලු සායනික අත්හදා බැලීම් සාර්ථක වුණු බැවින් යැයි කියුබානු සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කියුබාව 'කොවිඩ් 19' වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වුණු රාජ්‍යයකි. එරටින් වාර්තා වන 'කොවිඩ් 19' මරණ ගණන 5,700 කි. සමස්ත ආසාදිතයන් වාර්තා වන්නේ 6,96,904 කි. 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබූ ගණන 6,53,102 කි.
මේ වනවිටත් ලොව රටවල් කීපයක්, දරුවන්ට එන්නත් ලබා දීම සිදු කරයි. එම රටවල් එන්නත් ලබා දෙන්නේ අවුරුදු 12 ට වැඩි දරුවන්ට පමණි. එසේ ලබා දෙන්නේ ද ඇමෙරිකාවේ නිෂ්පාදිත 'ෆයිසර්' එන්නතය. ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යය, එරට අවුරුදු 6 ත් 12 ත් අතර දරුවන් සඳහා චීනයේ නිෂ්පාදිත 'සිනොවැක්' එන්නත සුදුසු බවට නිර්දේශයක් ලබා දුන්නේය. චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, වෙනිසියුලාව ද අවුරුදු 6 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීමට සූදානමින් සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
670
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2336
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කියුබාවේ චූටි බබාලාට එන්නත්