IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කිම් ජොන් උන්ගේ බර අඩුවෙලා

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ බර හිටිහැටියේ අඩුවී ඇති හෙයින්, උතුරු කොරියානු වැසියන් ඒ සම්බන්ධයෙන් කනස්සල්ලෙන් පසුවන බවත් එරට ජාතික රූපවාහිනී නාළිකාව පවසයි.

උතුරු කොරියා නායක 37 හැවිරිදි කිම් ජොන්, තරබාරු ශරීරයකට හිමිකම් කියන පුද්ගලයෙකි. මාස ගණනක නිහැඩියාවකින් පසු පසුගිය දා ඔහු සිද්ධියේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ බර අඩු වී ඇති බව බොහෝ දෙනාට දකින්න ලැබුණි. උතුරු කොරියානු ජනතාව තම ආදරණීය නායකයාගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වී ඇත්තේ ඒ නිසාය.

උතුරු කොරියා ජාතික රූපවාහිනිය නායක කිම් ජොන් උන්ගේ බර අඩුවීම සම්බන්ධයෙන් පැය 1/2 ක වාර්තා වැඩසටහනක් විකාශය කළේය. උතුරු කොරියානුවන් තම ආදරණීය නායකයා ගැන කම්පාවට පත් වී, කඳුළු සලමින් අදහස් දක්වන ආකාරය එම වැඩසටහන ඔස්සේ දකින්න ලැබුණි.

උතුරු කොරියාවේ ජාතික නාළිකාව ඔස්සේ විකාශය වන සියලු වැඩසටහන්වලට තේමා වන්නේ උතුරු කොරියා නායකයා සහ රජය ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවරය. කෙසේ නමුත් නායක කිම් ජොන් උන්ගේබර අඩුවීම සම්බන්ධයෙන් විශේෂ වාර්තා වැඩසටහනක් විකාශය වූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

සෝල්හිදීය (ඒ.එෆ්.පී.)



අදහස් (0)

කිම් ජොන් උන්ගේ බර අඩුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 694 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2364 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site