
ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
‘උප ජනාධිපතිනියට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි රැපිඩ් සහ පී.සී.ආර්. වාර්තා දෙකෙන්ම තහවුරු වුණා. ඇයගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. ආසාදිතයකු බව තහවුරුවීමෙන් පසු ඇය ස්වයං නිරෝධායනයට ලක් වී සිටිනවා. ඇය උප ජනපති නිල නිවසේ සිට රාජකාරි කටයුතුවල නියැලෙනවා’ යැයි කමලා හැරිස්ගේ මාධ්‍ය ලේකම් ක්‍රිස්ටින් ඇලන් පවසා තිබේ.
කමලා හැරිස්ගේ සැමියා ඩග් එම්හොෆ් ය. ඔහුට පසුගිය මාර්තු මාසයේ ‘කොවිඩ් 19’ වයිරය ආසාදනය විය. එම අවස්ථාවේදී උප ජනාධිපතිනියට වයිරසය ආසාදනය වූයේ නැත.
ජනාධිපති ජෝ බයිඩන් ගැන ද විමසිල්ලෙන් පසුවන බවත් ඔහු ද නිරන්තරයෙන් ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු කරන බවත් ධවල මන්දිරය වැඩි දුරටත් පවසා තිබේ. 79 හැවිරිදි ජෝ බයිඩන් පමණක් නොව, කමලා හැරිස් ද ‘කොවිඩ් 19’ සඳහා නියමිත එන්නත් මාත්‍රා ලබා ගෙන තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කමලා හැරිස්ට ‘කොවිඩ්’