
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන, ඇමෙරිකන් ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ගේ හිනාවට තමන් කැමැති බවත්, ඇය ජනාධිපති සටන ජය ගනීවි යැයි තමන් විශ්වාස කරන බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා කමලා හැරිස්ට තමන් ගරු කරන බවත්, ඇය ගැන තමාගේ පැහැදීමක් ඇති බවත් රුසියන් ජනාධිපතිවරයා පවසා ඇත. රුසියන් ජනාධිපති පුටින් මෙසේ පැවැසුවේ ව්ලැඩිවොස්ටොක් නුවර පැවැත්වෙන නැගෙනහිර රටවල ආර්ථික සමුළුවට එක් වී සිටිද්දී, ඇමෙරිකාවේ ‘ආර්.ටී’ හෙවත් ‘රුසියා ටුඩේ’ පුවත් නාළිකාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
‘මා කමලා හැරිස්ට කැමතියි. ඇය මහ හඬින් කට පුරා හිනාවනවා. ඒකට මා කැමතියි. ඇය ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීමට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කිරීම නුවණැති ක්‍රියාවක්. මට විශ්වාසයි කමලා හැරිස්ට දිනන්න පුළුවන්’ යැයි ජනාධිපති පුටින් මාධ්‍යවේදීන් හමුවේ, පැහැදි කර ඇත.
‘ආර්.ටී’ යනු ඇමෙරිකාව කේන්ද්‍රකොට ගනිමින් විකාශය සිදුවන රුසියන් රජයේ අනුග්‍රහය ලබන පුවත් නාළිකාවකි. රුසියන් ජනාධිපති ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වීමට උත්සාහ ගන්නා බවත්, ඇමෙරිකන් ජනාධිපතිවරණය සම්බන්ධ ඔහුගේ මතය ‘ආර්.ටී’ පුවත් නාළිකාව හරහා ඇමෙරිකන් ජනතාවට ගෙන යන බවටත් ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලය චෝදනා කර ඇත.
‘ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරන්නේ ඇමෙරිකානුවන් මිසක් රුසියන් ජනාධිපතිවරයා නොවෙයි. රුසියන් ජනාධිපතිවරයාගේ මතය ඇමෙරිකානුවන්ට එපා. අප රුසියන් ජනාධිපති පුටින්ගෙන් ඉල්ලීමක් කරනවා, ඇමෙරිකන් ජනාධිපතිවරණය ගැනත්, ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් ප්‍රසිද්ධියේ අදහස් පළ කරන්න එපා’ යැයි ඇමෙරිකන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බී අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කමලාගේ හිනාවට පුටින්ට ආසා හිතිලා
Chandima Friday, 06 September 2024 10:16 AM
මොකක්හරි කෑල්ලක් ලස්සනයි කීවාම ගෑනූ රවට්ටගන්න පුලුවන් බව පුටිනුත් දන්නවා වගේ?