කැමරුන් රාජ්‍යය සහ කොමොරොස් දූපත් අතර පැවති පාපන්දු තරඟය නැරඹීම සදහා කැමරන් රාජ්‍යයේ අගනගරය වන යොන්ඩේ හි ඔලෙම්බේ ක්‍රීඩාංගනයට ඇතුළු වීමට රොක් වුණු ක්‍රීඩාලෝලීන් අතරේ ඇතිවූ තෙරපීමකින් හය දෙනෙකු මියගොස් හතළිහකට අධික පිරිසක් බරපතල තුවාල ලැබූහ.
අප්‍රිකානු මහද්වීපයේ ප්රධානතම පාපන්දු තරඟා වලියක් වන අප්‍රිකා ජාතීන්ගේ පාපන්දු තරඟා වලියේ අර්ධ අවසාන තරඟය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගනයට ඇතුල් වීමට යාමේදී මෙම ඛේදජනක සිදුවීම සිදු වී ඇත.
අප්‍රිකානු කුසලානයේ මුල් වටයේ තරඟ වලදී සැලකිය යුතු නරඹන්නන් සංඛ්‍යාවක් නොසිටි බැවින්, බලධාරීන් විසින් ක්‍රීඩාංගනයේ ගේට්ටු විවෘත කරනු ලැබූ අතර, ගමනා ගමන පහසුකම් සහ පැමිණෙන ජනතාවට නොමිලේ ටිකට් පත් ලබා දී නරඹන්නන් ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ.
සාක්ෂිකරුවන් පැවසුවේ කුඩා දරුවන්ද මෙම සිද්ධිය වන අවස්ථා තෙරපෙන ක්‍රීඩා ලෝලීන්ට මැදිවූ බවත්, බලධාරීන් ක්‍රීඩාංගනයේ දොරටු වසා තවදුරටත් පිරිස ඇතුල්වීම නවතා දැමීමෙන් අනතුරුවත් ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනයට ඇතුල් වීමට උත්සහ දැරීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ බවත්ය.
‘‘ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාව 60000 ක්. එයින් 50000 ක පමණ පිරිසක් ක්‍රීඩාංගනයට ඇතුල් වෙන්න උත්සහ කළා. කෙසේ නමුත් සෞඛ්‍ය නීති රීති වලට අනුව අපිට එතරම් පිරිසක් ඇතුළු කරන්න අවසර ලැබී තිබුණේ නැහැ. තෙරපීමට හේතුව එයයි’’ යැයි සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔලෙම්බේ ක්‍රීඩාංගනයේ බලධාරීන් පවසා ඇත.
(විමුක්ති එස්. රුද්‍රිගු - අල් ජසීරා)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කැමරූන් ක්‍රීඩාංගනයක තෙරපීමක්