කැමරූන් රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙස්වල සිදුවූ නායයෑම් වලින් 42දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ සඳහන් කරයි.
බැෆොවුසම් නගරයට දැඩි හානි සිදුවී ඇති බවත්, ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් බොහෝ පිරිස් මියගොස් ඇති බවත් සඳහන් වේ. මියගිය අය අතර දරුවන් 26දෙනකු සිටින බව බලධාරීහු පවසති.
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කැමරූන්හි නායයෑම්වලින් 42ක් මරුට