IMG-LOGO

කාබුල් අගනුවරට ප‍්‍රහාරයක් 47 ක් මරුට: 65 කට තුවාල

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි විදෙස් තානාපති කාර්යාල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ජනපති මන්දිරය, නේටෝ හමුදා මූලස්ථානය සහ රජයේ කාර්යාල ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීහු පෙරේදා (15) රාති‍්‍රයේ ඉතා සැලැසුම් සහගත ප‍්‍රහාර මාලාවක් එල්ල කළහ. ප‍්‍රහාරයෙන් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ ගණන 65 කි. තුවාල ලැබූවන්ගෙන් 40 දෙනකු ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයන් යැයි මාධ්‍ය වාර්තා කරයි. සටන්කාමීන්ගේ ප‍්‍රහාරයට මුලින්ම ලක් වූයේ අධි ආරක්ෂක කලාපයක පිහිටි ඇමෙරිකාන්, බි‍්‍රතාන්‍ය, ජර්මන් සහ ජපන් තානාපති කාර්යාලය. තානාපති කාර්යාල පිහිටා ඇත්තේ වසීර් අක්බාර් කාන් නමැති ප‍්‍රදේශයේය. තානාපති කාර්යාලවලට අත්බෝම්බ, රොකට් ප‍්‍රහාර සහ වෙඩි වරුසාවක් එල්ල වෙද්දී තවත් සටන්කාමීන් කණ්ඩායමක් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට පහර දෙමින් ඊට කඩා වැදීමට උත්සාහ කළ බව වාර්තා වේ. එම ප‍්‍රහාරයට සමගාමීව සෙසු සටන්කාමීහු කාබුල් නුවර ලෝගාර් ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල ගොඩනැගිලිවලට පහර දෙන්න වූහ. ඔවුන් ජල්ලලාබාද් ගුවන් තොටුපොළට ද පහර දී ඇතැයි වාර්තා වේ. එම ප‍්‍රහාරයෙන් නේටෝ හෙලිකොප්ටරයක් විනාශ විය. ඒ සමඟම තවත් සටන්කාමීහු පිරිසක් ඇෆ්ගන් ජනපති මන්දිරයට සහ නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ලට පහර දීමට උත්සාහ කළහ. ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති හමීඞ් කර්සායි ආරක්ෂක ස්ථානයකට රැුගෙන යෑමට ඔහුගේ ආරක්ෂක නිලධාරීහු පියවර ගත්හ. ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී ඇෆ්ගන් ආරක්ෂක අංශ වහා කි‍්‍රයාත්මක වූ අතර ඔවුන් සටන්කාමීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇත. ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ විශේෂ මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ ද ඇෆ්ගන් පොලිසිය සහ හමුදාවය. ඔවුන්ගේ සහායට නේටෝ හමුදා පැමිණ ඇත. සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර පැය 17 ක් පුරාවට දරුණු ගැටුම් පැවැතිණි. ගැටුම් අවසන් වූයේ ඊයේ (16) උදෑසනය. ඊයේ උදෑසන ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප‍්‍රහාරයට පැමිණි සියලූම සටන්කාමීන් මරා දැමීමට ආරක්ෂක අංශ සමත් වූ බවත් සටන් නිමාවට පත් ව ඇති බවත්ය. විදෙස් මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණේ පැය 17ක් යන තුරු කාබුල් අගනුවර එකම යුද පිටියක් වූ බවය. ඇෆ්ගන් ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේ සටන්කාමීන් 80 දෙනකු පමණ ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇති බවය. මේ වනවිට ඔවුන්ගෙන් 36 දෙනකුගේ මළ සිරුරු ආරක්ෂක අංශ භාරයේ ඇති බව ද වාර්තාවේ. පාර්ලිමේන්තුවට කඩා වැදීමට සටන්කරුවන් උත්සහ කළ අවස්ථාවේදී එහි සිටි ඇමැතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් ද සටන්කාමීන්ට පෙරළා පහර දී ඇත. සටන්කාමීන්ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට හෝ තානාපති කාර්යාලවලට හෝ ඇතුළු වීමට ඉඩක් නොලැබුණු බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශ ප‍්‍රකාශක සෙඞීක් සෙඞීකී පවසයි. සටන්කාමීන්ගේ ප‍්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආරක්ෂාව පිළිබඳ දෙවරක් සිතා බැලීමට සිදුවී ඇතැයි ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකා තානාපති රයන් ක්‍රොකර් පවසයි. මේ අතර තලේබාන් සටන්කාමීන් පවසා ඇත්තේ මෙය ප‍්‍රහාර මාලාවක එක් ප‍්‍රහාරයක් පමණක් බවය. ඇෆ්ගන් සෙබළු සටන්කාමීන්ට එරෙහිව මෙහෙයුම ආරම්භ කරමින්...  



අදහස් (0)

කාබුල් අගනුවරට ප‍්‍රහාරයක් 47 ක් මරුට: 65 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 95 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 18 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 674 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site