කෙන්යාවේ මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වල දමා තිබී ගොඩ ගත් මළසිරුරු ගණන 73 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෙන්යානු පොලිසිය ප්‍රකාශ කර ඇත.
මෙම සියලු දෙනා ආගමික කල්ලියකට අයත් බවත් මොවුන් ක්‍රිස්තුස් වහන්සේ මුණගැසීම සඳහා කුසගින්නේ සිටීම හේතුවෙන් මොවුන් සියලු දෙනා මියගොස් ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව කෙන්යානු පොලිසිය පෙන්වා දී තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කෙන්යාවේ මහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර එරට ජනාධිපති විලියම් රූටෝ පවසා ඇත්තේ කිසිසේත් සමාවක් ලබා දිය නොහැකි මෙම ආගමික කල්ලිය මර්දනය කිරීමට කටයුතු කරන බවයි.
ගුඞ් නිව්ස් ජාත්‍යන්තර පල්ලිය සහ එහි නායකයන් පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද කෙන්යානු පොලිසිය පෙන්වා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා කෙන්යානු අධිකරණයේ ගොනු කර ඇති අතර එම අධිකරණ ලියවිල්ලේ සැකකරු ගේ නම ලෙස දේවගැති පෝල් මැකෙන්සි සටහන් වන බවත් ඔහු තම අනුගාමිකයන්ට දෙවියන්ගේ අනුගාමිකයන් වීමට කුසගින්නේ මිය යන ලෙස උපදෙස් දී ඇති බවත් සඳහන් වේ.
කුසගින්නේ සිටීම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මෙම ආගමික කල්ලියේ තවත් අනුගාමිකයන් මලින්දි වෙරළබඩ නගරය ආසන්නයේ වනාන්තර අශ්‍රිතව සැඟව සිටිය හැකි බවත් කෙන්යානු පොලිසිය පවසා ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කෙන්යාවෙන් තවත් මළසිරුරු හමුවෙයි
Hira Wednesday, 26 April 2023 01:02 PM
ඒ මිනිස්සු නම් වෙන්න බැහැ.. ලංකාවෙත් මේ වගේ ආගමික කල්ලි සහ මීහරක් ඉන්නවා.