IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ?

ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්තයේ ලන්ඩන් නගරයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ පැතලි පාවහන් දිනකට පැය දෙකක් පමණ පැළ
 සිටිමෙන් වේදනාකාරී කොන්දේ රිදුම් මගහැරිය හැකි බවයි.

පර්යේෂකයන් පවසන්නේ උල්වූ හැඩැති අඩි උස පාවහන් පැළ
දීමෙන් ඉරියව් ස්ථායී තත්ත්වයක් දක්නට ලැබුන ද ඇතිවන‍ කොන්දේ කැක්කුම විශාල ගැටළුවක් බවයි.කොන්දේ වේදනාවන්ගෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව දින දිනම ඉහළ යන බව ද පර්යේෂකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පැතලි පාවහන් පැළ
ද සිටින පුද්ගලයකුට මාස හයකට පසු කොන්දේ වේදනාව සුවකැර ගත හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි.



අදහස් (0)

කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ?

ජෝන් Tuesday, 26 November 2013 01:29 PM

අද කාලේ ගොඩක් ගැහැණු මෙම සපත්තු පාවිච්චි කරනවා (නි)

:       0       0

මාලක Tuesday, 26 November 2013 02:00 PM

අඩි උස සපත්තු විතරක් නොව සොබා දහමට විරුද්ධ සෑම දෙයකින්ම වෙන්නේ අවැඩකි. කකුල නිර්මාණය වෙලා තිබෙන්නේ පැතලි විදියට පොළවට වදින්න. ඒ වගේම සපත්තු සහ සෙරෙප්පු නිසා දැන් මිනිසුන්ගේ පය මහා පොළව‍ට ගෙවෙන්නේ නැහැ. ඒකම ලෙඩ ගොඩකට මුල කියලා සිංහල වෙදකමේ කියනවා මම අහලා තියනවා. පොළව කකුලට පෑගීම මගින් සිරුරේ ඉන්ද්‍රියන්ට උත්තේජනයක් සහ බලපෑමක් තිබෙනවා. (නි)

:       0       0

සමන්ති Tuesday, 26 November 2013 05:14 AM

අඩි උස පාවහන් ගන්නාවිට පැතලි පාවහන් දෙකක් ගැනීම අනිවාර්ය කරන නීතියක් හදුන්වාදෙමු (අ)

:       0       0

ඉන්දු Tuesday, 26 November 2013 03:29 PM

ඒත් සමන්ති, පැතලි පාවහන් දැමීම අනිවාර්ය කරන නීතියක් ගෙනෙන්න බැහැනේ. (නි)

:       0       0

මෙල්බෝපුරනේ Wednesday, 27 November 2013 04:25 PM

මම උපන්දා ඉඳලා දැම්මේ පැතලි පාවහන්. තවමත් කොන්දේ අමාරුව හොඳ නැහැ. (නි)

:       0       0

සිරියලතා Tuesday, 26 November 2013 10:29 AM

ඊට වඩා හොදයිනේ අඩි උස පාවහන් දෙකක් ගන්නා විට පැතලි පාවහන් කුට්ටමක් නොමිලේ දෙනවා කිව්වා නම්.... (නි)

:       0       0

නිරූපා Tuesday, 26 November 2013 10:57 AM

උඩ ඉන්න කෙනා අපිට කකුල් දෙකක් දීලා තියෙන්න ඇවිදින්න මිස උඩින් යන්න නෙමෙයිනේ (නි)

:       0       0

නිරූපා Tuesday, 26 November 2013 10:59 AM

ඒ වුණාට අපේ අය හරි කැමතියි අඩි උස සපත්තු දාලා යනකොට ...... (නි)

:       0       0

සමන්ති Tuesday, 26 November 2013 08:16 PM

දොල්ටල් අල්විස් ලියූ නන්දා මාලනීගේ "මිරිවධි සඟලක් " ගීතය අහන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site